මලගිය ඇත්තෝ
අද නවකතාව ලෙස වස්තු විෂය කර ගනු ලබන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයට නවකතා,කෙටි කතා,නාට්‍ය ආදී වූ විශාල සාහිත්‍ය මෙහෙවරක් සිදු කළ මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව පිළිබඳවයි.වර්ෂ 1917 ජුනි මස තුන්වන දින උපත ලබන සරච්චන්ද්‍රයන් සිංහල නවකතා,කෙටිකතා,ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක් සිදුකර තිබෙන විශිෂ්ට සාහිත්යදරයෙකි. එතුමා විසින් වර්ෂ 1859 දී ප්‍රකාශයට පත් කරනු ලබන මළගිය ඇත්තෝ නවකතාව පිටු එකසිය විසිඅටකින් සහ පරිච්ඡේදයන් පහළොවකින් යුක්ත වේ. මේ ශ්‍රේෂ්ඨ රචකයා අතින් නිර්මාණය වන ලද මෙම නවකතාව තුළ හඳුනාගත හැකි සුවිශේෂීතම ලක්ෂණය වනුයේ ජපානය පදනම් කර ගනිමින් මෙම නවකතාව ගොඩනගා තිබීමයි.ජපානය පදනම් කරගනිමින් මෙම නවකතාව රචනා කර තිබුණද එම ආගන්තුක බව මෙම නවකතාව තුළ හඳුනාගත නොහැකි අයුරින් සිංහල ජන සමාජයට කාවැදෙන අයුරින් නිමවා තිබීම එහි ඇති සුවිශේෂීතම ලක්ෂණයයි. මෙම නවකතාව ගලායාමේදී ජපානය තුළ ඇති විවිධ සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් කතුවරයා අපට කියාපායි.ජපන් සංස්කෘතිය අප හට ආගන්තුක වුවද එම රටෙහි සංස්කෘතිය අපට නොදැනෙන ලෙස කා වැදෙන අයුරින් මෙම කතාවේ ගලායාම තුළ ගොනුගත කර තිබීමක්ද හඳුනාගත හැකිය...