කලි යුගය

තුන් ඈ දුටු නවකතා යනු ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශකතාව තුළ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද්දකි.1957 දී රචනා වන කලි යුගය නවකතාවද තුන් ඈදුතු නවකතාවන්හි ඉතා සුවිශේෂී වූ භූමිකාවක් නිරූපණය කරනු ලබයි.

ගම්පෙරළිය නවකතාව මගින් නිරූපණය කරනු ලබනුයේ රදල පරපුරේ බිඳ වැටීමත් නව ධනපති පන්තියේ නැගී සිටීමත්ය.කලි යුගය නවකතාව මගින් මෙලෙස ගොඩනැගෙන ලද ධනපති පන්තියේ පැවැත්ම පිළිබඳව විග්‍රහාත්මකව ඉදිරිපත් කරනු ලබයි.විශේෂයෙන්ම මෙම නවකතාව තුළ අනුලා ,පියල් නන්දා සහ ඇලන් යන චරිතයන් හට පණ පොවමින් කල යුගය නවකතාව මගින් උක්ත අරමුණ ඉටු කර ගැනීම උදෙසා රචකයා අපූරු වෙහෙසක් දරා ඇත.

නවකතාව තුළ ධනපති පන්තියේ පිබිදීම ආකාර දෙකක් ඔස්සේ ඉදිරිපත් කරයි.එනම් ශ්‍රී ලංකාවේ බටහිර අනුකාරක ධනපති පන්තියේ නැගී සිටීම සහ බටහිර ධනපතින් යන ද්විත්ව අංශයේ නැගී සිටීමයි. එංගලන්ත ධනපතීන් නියෝජනය කරමින් ඇලන්ගේ චරිතයද ශ්‍රී ලංකාවේ ධනපතී නියෝජනය කරමින් පියල් හා නන්දාගේ චරිතයද අප රචකයා කතාව තුළ ගෙන හැර දක්වයි .

එපමණක් නොව ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණ රදල පැලැන්තියේ හෙවනැලිද මෙම නවකතාව තුළ ඇතැම් ස්ථානවල සක්මන් කරන අතර සමාජ යථාර්ථය ඉතා මැනවින් මෙම කතාව තුළද පෙර කතා පරිදිම අප රචකයා අන්තර්ගත කර තිබීම ඉතාමත්ම සුවිශේෂීය.

ගම්පෙරලිය නවකතාවද පෙර සදහන් කර පරිදි පසුකාලීනව චිත්‍රපටියක් බවට පරිවර්තනය වේ.එපමණක් නොව උක්ත කළියුගය නවකතාවද චිත්‍රපටයක් බවට පරිවර්තනය වූ බව කිව මනා යුතුය.

කළියුගය නවකතාවෙහි පසු වදන තුළ මෙලෙස අපූරු වූ කියමනක්  හඳුනාගැනීමට ඇත.

ග්‍රාමීය ජීවිතයත් ඉංග්‍රීසි අනුකාරක වෙස්ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංග්‍රීසි මත පිළිබිඹු කෙරෙන එංගලන්ත ජීවිතයක් යන මේ තුනම ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බටහිර තතු ද පිරිසිඳ දකින නව කතාවකි කළ යුගය.අනුලා,පියල්,නන්දා,ඇලන් යන චරිතයන් මගින් සිදුවන සමාජ ස්ථාර තුනෙහි ගැටුම පිළිබඳව පරිණාමය කලි යුගය නවකතාවේ තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය