ගුරු ගීතය

ලෝක සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යයට දායාද වූ කෘතීන් අතර අග්‍රගන්‍ය කෘතියක් ලෙස ගුරු ගීතය කෘතිය හඳුනාගැනීම නිවැරදිය.චිංගීස් ආයිත්මාව් විසින් වර්ෂ 1862 The first teacher නමින් කෘතියක් රචනා කරනු ලබයි.දැඩිගම ඩී රොද්‍රිකූ විසින් මෙම කෘතිය පසුකාලීනව ගුරු ගීතය නමින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවා.

ගුරු ගීතය කතාව දිව යන්නේ දූයිශෙයින් නම් තරුණ ගුරුවරයා සහ අල්තිනායි නම් සිසුවිය කේන්ද්‍ර කර ගනිමිනි.

සාමාන්‍ය වශයෙන් නවකතාවක් රචනා වනු ලබන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් හෝ මධ්‍යම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් වේ. නමුත් ගුරු ගීතය නවකතාව තුළ හඳුනාගත හැකි සුවිශේෂිත ම ලක්ෂණය වන්නේ ගුරු ගීතය නවකතාව තුළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ද්විත්ව ආකාරයකින් යෙදී තිබීමයි.සරලවම දක්වන්නේ නම් මෙම නවකතාව තුළ ප්‍රධාන කථිකයින් දෙදෙනෙකු හඳුනා ගත හැකිය.

නවකතාවේ කතා තේමාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙම කතාව සිදුවන්නේ සෝවියට් දේශයේ ඈත පිටිසරය ගමක් ගම්බද ප්‍රදේශයක් තුළය.මෙම කාලය තුළදී එම ප්‍රදේශයේ අධ්‍යාපනය,පාසල් යාම,ඉගෙන ගැනීම යන මාතෘකාවන් ඉතාමත්ම නුහුරු නුපුරුදු අත්දැකීම් බවට පත්ව තිබුණි.

මෙවැනි වූ පසුබිමක් තුළ එම ගම්බද ප්‍රදේශය තුළට අලුත් ගුරුවරයෙක් පැමිණෙනවා.මෙලෙස ගමට පැමිණෙන්නේ අප කතාවේ ප්‍රධාන චරිතයක් වන දූයිශෙයින් වන අතර දූයිශෙයින්ගේ මූලික පරමාර්ථයක් වූයේ ගමෙහි නව පාසලක් විවෘත කිරීමයි.තමා මුඛ්‍ය කරගත් අරමුණ ඉතා ඉක්මනින් මල් ඵල උගන්වනු උදෙසා දූෂයින් ක්‍රියා කළද ගම්මුන්ගෙන් එයට එල්ල වන්නේ දැඩි පහරකි.කෙසේ වුවද මෙකී වූ බාධකයන් මැද ළමුන් කිහිපදෙනෙකු ඒකරාශී කරගනිමින් දුයිශෙයින් විසින් තම පාසල ආරම්භ කොට අධ්‍යාපන කටයුතු ආරම්භ කරනු ලබනවා.

මෙලෙස ඔහුගෙන් අධ්‍යාපනයට ලැබීමට පැමිණෙන සිසු සිසුවියන් අතර ඉතා සුවිශේෂී වූ තරුණියක් දැක ගන්නට ලැබුණා. ඒ අන් කිසිවෙකු නොව ඔහුගේ පාසලට දෛනිකව පැමිණි සිසු සිසුවියන් අතර වැඩිමහල්ම ශිෂ්‍යාව වූ පසු කලෙක මහාචාර්යවරියක් බවට පත්වන අල්තිනායි වේ.

නමුත් අල්තිනායිගේද ගමන එතරම් සුන්දර එකක් නොවීය.එයට හේතුව වූයේ දෙමාපියන් නොමැති නිසාත් තම මාමාගේ සෙවන යට හැදී වැඩුණු නිසාත් ඇයට බොහෝ බාධකයන්ට මුහුණ දීමට සිදුවීමයි.තම නැන්දනීයගේ මහත් වූ බලපෑම් මත මහලූ පුද්ගලයෙකු විවාහ කර ගැනීමට ඇයට සිදුවන අතර එම හේතුව නිසාම දූෂයෙන් සහ ඔවුන් අතරද ගැටුම් ඇති වන්නට විය.

මෙකී වූ තාඩනයන්ගෙන් සහ පීඩනයන්ගෙන් අල්තිනායි ගලවා ගැනීම උදෙසා දූෂයන් විසින් සිදු කරනු ලබන්නේ ඇයව නගරයකට පිටත් කර යැවීමයි.ඒ අන් කිසිවක් උදෙසා නොව ඇයගේ අධ්‍යාපන කාර්යය තවදුරටත් සාර්ථක කර ගැනීම පිණිසයි.මෙලෙස නගරයට යන අල්තිනායී පසුකාලික මහාචාර්යවරියක් බවට පත්වෙයි.

හමුදා සේවයට බැඳී කාලානුරූපීව අල්තිනායි මහලු වියට පා තබයි.ඔහු පසු කලෙක තම ගමට පැමිණෙයි.ලෙස පසුකාලීනව ගමෙහි ඉදිවන පාසල විවෘත කිරීමට ආරාධනා ලැබෙන්නේ අල්තිනායී මහාචාර්යතුමියටයි.අල්තිනායි විසින් දූයිශෙයින් හඳුනා ගත්තද ඇය එය සඟවා ගනිමින්ම ගමෙන් පිටත්ව යයි.

පසුව ඇය අප නවකතාවේ කථකයා වෙත ලිපියක් එවන ලද අතර එම ලිපිය මගින් දූෂයින්ට අවශ්‍ය ගෞරවය ඇය විසින් ලබාදෙයි.

ඇත්ත වශයෙන්ම ලෙනින්ගේ දර්ශනය නිසා දූෂයෙන් පරමාදර්ශී චරිතයක් වූවාද,නැතිනම් රජයෙන් ලැබූ උපදෙස් මත ඔහු ක්‍රියා කළාද සැබවින්ම සංවාදයට බඳුන් කළ යුතු වූ කාරණාවකි.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය