මාණික්කාවත

2015 වසරේදී මහින්ද ප්‍රසාද් මස් ඉඹුලයන් විසින් රචනා කරන ලද ප්‍රබන්ධ නවකතාවක් ලෙස මා මානික්කාවත නවකතාව හඳුනාගැනීම නිවැරදිය.වසරක් තුළ සය වතාවක් මෙම නවකතාව මුද්‍රණය වන අතර ඒ මගින් මනාව පැහැදිලි වන්නේ මෙම නවකතාව කෙරෙහි ඇති වූ දැඩි ප්‍රේක්ෂක ඇල්මයි.මෙම නවකතාව පරිච්ඡේද විසි දෙකකින් හා පිටු 165 කින් යුක්ත වේ.

කතාව ආරම්භයේදී රචකයා අපව වර්ෂ 1880 තරම් ඈත අතීතයකට රැගෙන යන අතර මේ කාලය තුළදී ශ්‍රී ලංකාව පාලනය කරනු ලබනුයේ බ්‍රිතාන්‍යයන් විසිනි.එමෙන්ම මෙම කාලවකවානුව තුළදී ශ්‍රී ලංකාව කෝරළයන් වලට බෙදා පාලනය කරනු ලබනවා.

මෙම නවකතාව කෙටි හාමි හා පිච්චි යන ප්‍රධාන චරිතයන් ද්විත්වය මූලික කරගනිමින් ගෙතී යයි.කෙටි හාමි විසින් පිච්චි ජීවත් වූ කොහොන්නා කෝරළේ වෙත පැමිණෙන්නේ පණාමුරේ ඇත් ගාලේ වැඩ කටයුතු කිරීම සඳහාය.

පිච්චි යනු අඩු කුලයේ කාන්තාවකි. එම කාලය වන විට අඩු කුලයේ කාන්තාවන් සමඟ සබඳතා දැක්වීමට වංශවත් පිරිමින් හට තහනම් වී තිබුණා.නමුත් වංශක්කාරයින් විසින් තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීම උදෙසා එම කාන්තාවන් යොදා ගනු ලැබුවා.

දිනෙක වංශක්කාරයකු විසින් පිච්චිවද මෙලෙස රැගෙන යනු ලබනවා.

ආපහු තම නිවස කරා එන අතරවාරයේදී පිච්චි විසින් කෙටි හාමි ළඟ නතර වනුයේ ඉතාමත් අහම්බයෙනි.නමුත් වංශක්කාරයන් හට එම කෙටි සිදුවීම ඔවුන් දෙදෙනාව ගමෙන් පිටුවහල් කිරීමට තරම් විශාල හේතු සාධකයක් බවට පත්වෙනවා.

එලෙස මෙම ගමෙන් පිටත්ව යන ඔවුන් මහ වනයක් මැද දියකඩිතක් අසල පැලක් ඉදිකර ගනිමින් තම ජීවිකාව ආරම්භ කරගනු ලබනවා.මෙලෙස ජීවිතය ගත කිරීමේදී ඔවුන්ට මුලින්ම හමුවන පුද්ගලයා වන්නේ හතිරියන් රාලයි.

පිච්චිගේ පළමු දරුවා වන ගුණාදරි ලැබුණු රාත්‍රියේ හතිරියන් රාල ගගේ ගසාගෙන යනු ලබන්නේ හේතු හාමිගේ නිවසට එමින් සිටින අතරවාරයේදීයි.එමෙන්ම මෙම පවුලට කාලානුරූපීව තවත් දරුවෙකු එකතු වන අතර ඔහු දාවිත් වේ.හතිරියන් හාමිගේ පුත්‍රයා කෙටි හාමිගෙන් ලැබුණු කුඹුරු කෑල්ලක වැඩ කරමින් ඒ අසලටම පැමිණීම නිසා එම ප්‍රදේශය පවුල් දෙකකට වාසභූමිය වනවා.

මේ ආකාරයට කාලය ගත වී දරුවන් වැඩිවියට පැමිණෙන අතර එක් පවුලකින් ඇරඹී එම ප්‍රදේශය අවසානයේදී ගම්මානයක් බවට පත්වෙනවා.

කෙටි හාමි හා පිච්චි කාලානුරූපීව මිය යන අතර අවසානයේදී ඔවුන්ගේ සශ්‍රීක කුඹුරුයාය මැණික් ඉල්ලමක් බවට පත්වනු ලබනවා.එමෙන්ම කුඹුරු ගොවියන්ද මැණික් මුදලාලිලා බවට පත්වෙනවා.

මෙවැනි වූ ජීවිත කතාන්දරයන් වටා ගෙතුණු ඉතාමත් සුවිශේෂී නවකතාවක් ලෙස මෙම නවකතාව හඳුන්වා දිය හැකිය.පසුකාලීනව මෙම නවකතාව සුදත් රෝහණයන්ගේ සුරතින් නාට්‍යයක් බවටද පරිවර්තනය වෙනවා.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය