මළවුන්ගේ අවුරුදු දා

මළවුන්ගේ අවුරුදුදා නවකතාව ප්‍රකාශයට පත්වනු ලබනුයේ වර්ෂ 1965 දීය.අද වන විට විසි වන වාරය අභිබවා මුද්‍රණ සංඛ්‍යාවක් සිදු වී ඇති මෙම නවකතාව පරිච්ඡේද දහයකින් සහ පිටු 136 කින් යුක්ත වනවා.

මෙහි මුල් නවකතාව මළගිය ඇත්තෝ වන අතර ජපන් දේශය හා බැඳුණු සුන්දර කතාවක් මළවුන්ගේ අවුරුදා නවකතාවටද තේමාවනවා.දෙවුන්දරාසන් විසින් මළගිය ඇත්තෝ නවකතාව ඉදිරිපත් කරනු ලබන අතර නොරිකෝසන්නන් විසින් මළවුන්ගේ අවුරුදු දා නවකතාව ඉදිරිපත් කරනු ලබනවා.

නොරිකෝ විසින් මෙම කතාව ඉදිරිපත් කරනු ලබනුයේ තමාට දෙවුන්දරාසන් හමුවූ අවස්ථාවේ සිටය.නොරිකෝ හට ඔවිටින් විට විවාහ යෝජනා පැමිණෙන අතර නමුත් ඇයගේ සිත දිනා ගැනීමට එම කිසිවක් සමත් වන්නේ නැහැ.

නමුත් දෙවුන්දරා සං ලංකාවට පැමිණි සමය තුළදී ඇයගේ සිත වෙනත් තරුණයෙකු වෙත ඇදී යන අතර දෙවුන්දර සං නැවත ජපානයට ගිය විට ඇය නැවතත් එම තරුණයාගෙන් ඉවත්වී යනවා.

දිනක් ඔවුන් විසින් ජපානයේ ජීවත්වන සිංහල බෞද්ධ භික්ෂුන් හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු විසින් තමාද පෙර භික්ෂුවක් වශයෙන් කාලය ගත කළ බව නොරිකෝසන් හට පවසනවා.ඔහුගේ සන්සුන්භාවයට හේතුව මේ බව ඇය වටහාගන්නේ මෙම අවස්ථාවේදී.විශේෂයෙන්ම ඇය විසින් ප්‍රිය කළ ප්‍රධානම හේතුව වන්නේ ඔහුගේ සන්සුන් බවයි.

දෙවොන්දරා සං හට  කෙලින් තීරණයක් ගැනීමට නොහැකි නිසා අවසානයේ දෙදෙනා හටම එක්වීමට නොහැකිවන අතරය මෙම ආදර කතාව නිමවනුයේ මරණයෙනි.

ප්‍රේමය යනු අයිති කර ගැනීමම නොවේ යන උදාර සංකල්පය ප්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් නිමවන මෙම නවකතාව ඉතාම සුන්දර නවකතාවක් බව තර්කයකින් තොරවම පැවසිය හැකිය.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය