කටු ඉඹුල

කටු ඉඹුල නවකතාව රචනා කරනු ලබනුයේ ප්‍රවීණ ලේඛක සරත් ධර්මසිරි මහතා විසිනි.එතුමා ප්‍රවීණ ලේඛකයෙකු පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තිර පිටපත් හර් රචකයෙකුද වෙනවා.බෝගල සවුන්දිරිස් කතාවද එතුමාගේ නිර්මාණයකි.මෙතුමා බොහෝ බොහෝ විට තම නිර්මාණ මගින් කතා කරනු ලබනුයේ සමාජයේ නොදුටු පැතිකඩයන් පිළිබඳවයි.වර්ෂ 1999 දී මෙම කෘතිය ප්‍රකාශයට පත් කරනු ලබන අතර 2000 වර්ෂයේ දී රාජ්‍ය සාහිත්‍යය සම්මානය මෙන්ම ගොඩගේ සම්මානය ද මෙම සුවිශේෂී සුවිශේෂී නවකතාව හිමිකර ගනු ලබනවා.එමෙන්ම මෙම නවකතාව පාදක කර ගනිමින් කටු ඉඹුල නමින් ටෙලි නාට්‍යයක්ද නිර්මාණය වූවා.

ශ්‍රී ලංකාව තුළ ගොවිජනපද ව්‍යාපාර රාශියක් බිහි වුණා.මෙම නවකතාවට පාදක වී තිබෙන්නේ රාජාංගනය ජලාශ්‍රය ආශ්‍රය කර ගනිමින් බිහි වූ ගොවිජනපද ව්‍යාපාරයක් පිළිබඳවයි.ජේමිස්,සුගතපාල,බණ්ඩා යන අය වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලොරි වලින් බඩු පටවාගෙන මෙම අලුත් ජනපදය වෙතට පිය නගනවා.මුල් කාලයේදී මොවුන්ගේ දිවි පෙවෙත ඉතාමත් අසීරු තත්ත්වයකින් මොවුන්ට ගෙවීමට සිදුවෙනවා.ජේම්ස් ඉතා හොඳ ගොවියකි.සුගත බණ්ඩා මුදල් ඉපයීමේ දක්ෂයෙකි.මේ ආකාරයට එක එක පළාත්වලින් පැමිණි විවිධ වූ මිනිසුන් ඒකරාශී වී ගොඩනඟා ගත් ජනපදයක් තුළ මෙම කතාව දිගහැරෙනු ලබයි.විශේෂයෙන්ම කතාව තුළ වැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ ජේමිස් සහ ඔහුගේ මෝල පිළිබඳවයි.

සරලවම පවසන්නේ නම් මෙම කතාව මගින් කියවෙන්නේ ඇතමෙකු  ධනය හා බලය තිබෙන නිසා කටු ඉඹුලට පාර කපා ගන්නා බවත් තවත් අයකු ධනය හා බලය යන කිසිවක් නොමැති වීම නිසා කටු ඉඹුලට පාර කපා ගන්නා බවත්ය.

අවසාන වශයෙන් ගොවි ජනපදවල ජීවත්වන ගැමියන්ගේ නොදුටු ගැටලු පිළිබඳව මෙම නවකතාව මගින් ඉතාමත්ම හොඳින් විවරණය කර තිබෙනවා.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය