Posts

Showing posts from October, 2024

ගුරු ගීතය

ලෝක සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යයට දායාද වූ කෘතීන් අතර අග්‍රගන්‍ය කෘතියක් ලෙස ගුරු ගීතය කෘතිය හඳුනාගැනීම නිවැරදිය.චිංගීස් ආයිත්මාව් විසින් වර්ෂ 1862 The first teacher නමින් කෘතියක් රචනා කරනු ලබයි.දැඩිගම ඩී රොද්‍රිකූ විසින් මෙම කෘතිය පසුකාලීනව ගුරු ගීතය නමින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවා. ගුරු ගීතය කතාව දිව යන්නේ දූයිශෙයින් නම් තරුණ ගුරුවරයා සහ අල්තිනායි නම් සිසුවිය කේන්ද්‍ර කර ගනිමිනි. සාමාන්‍ය වශයෙන් නවකතාවක් රචනා වනු ලබන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් හෝ මධ්‍යම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් වේ. නමුත් ගුරු ගීතය නවකතාව තුළ හඳුනාගත හැකි සුවිශේෂිත ම ලක්ෂණය වන්නේ ගුරු ගීතය නවකතාව තුළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ද්විත්ව ආකාරයකින් යෙදී තිබීමයි.සරලවම දක්වන්නේ නම් මෙම නවකතාව තුළ ප්‍රධාන කථිකයින් දෙදෙනෙකු හඳුනා ගත හැකිය. නවකතාවේ කතා තේමාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙම කතාව සිදුවන්නේ සෝවියට් දේශයේ ඈත පිටිසරය ගමක් ගම්බද ප්‍රදේශයක් තුළය.මෙම කාලය තුළදී එම ප්‍රදේශයේ අධ්‍යාපනය,පාසල් යාම,ඉගෙන ගැනීම යන මාතෘකාවන් ඉතාමත්ම නුහුරු නුපුරුදු අත්දැකීම් බවට පත්ව තිබුණි. මෙවැනි වූ පසුබිමක් තුළ එම ගම්බද ප්‍රදේශය තුළට...

යුගාන්තය

වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳතු නවකතාවේ අවසානය යුගාන්තය නැතිනම් යුගයේ අන්තයයි.එසේත් නැතිනම් ධනපතීත්වය අවසන් වන යුගය යුගාන්තයයි. වර්ෂ  1947 දී රචනා කරන ලද යුගාන්තය නවකතාව ප්‍රකාශයට පත් වන්නේ වර්ෂ 1949 දීය.පෙර කෘතියේ ද්ව්ත්වය මෙන්ම මෙම කෘතියද වර්ෂ 1983 දී චිත්‍රපටයක් බවට පරිවර්තනය වේ. ඒ ලෙස්ටර ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණය තුළින්. කෘතියේ ප්‍රධාන චරිතයන් ලෙස සයිමන් කබලාන,නාලිකා කබලා,නමාලන්,චමරි,වෛද්‍ය අරවින්ද විහාරහේන,මදීරා,තිස්ස ආදී වූ චරිතයන් පෙන්වා දිය හැකිය.පෙර සඳහන් කරන ලද මාලන් සහ චමරී වන්නේ සයිමන් කබලාන හා නාලිකා කබලානගේ දරුවන්ය. මෙහි මාලන් යනු බටහිර අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි තරුණයෙක් වන අතර තමා එංගලන්තය තුළ අධ්‍යාපනය ලබන සමය හා ජීවත් වන සමය තුළින් ලැබූ ආභාෂය නිසා මෙරටට පැමිණීමෙන් අනතුරුව කම්කරු පාර්ශ්වය නියෝජනය කරන ලද තරුණයෙක් බවට පත්විය. නමුත් සයිමන් කබලාන යනු තම පුත්‍රයාගේ චරිතයට හාත්පසින් වෙනස් වූ චරිතයක් වන්නේය.විශේෂයෙන්ම දැඩි නීති රීති හමුවේ තමන්ගේ යටත් සේවකයින් පාලනයට නතු කරගෙන සිටින පාලකයකු වශයෙන් සයිමන් කබලාන හඳුනා සිටීම නිවැරදිය. කාලයාගේ ඇවෑමෙන් මෙම පිය පුතුන් දෙදෙනා ...

කලි යුගය

තුන් ඈ දුටු නවකතා යනු ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශකතාව තුළ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද්දකි.1957 දී රචනා වන කලි යුගය නවකතාවද තුන් ඈදුතු නවකතාවන්හි ඉතා සුවිශේෂී වූ භූමිකාවක් නිරූපණය කරනු ලබයි. ගම්පෙරළිය නවකතාව මගින් නිරූපණය කරනු ලබනුයේ රදල පරපුරේ බිඳ වැටීමත් නව ධනපති පන්තියේ නැගී සිටීමත්ය.කලි යුගය නවකතාව මගින් මෙලෙස ගොඩනැගෙන ලද ධනපති පන්තියේ පැවැත්ම පිළිබඳව විග්‍රහාත්මකව ඉදිරිපත් කරනු ලබයි.විශේෂයෙන්ම මෙම නවකතාව තුළ අනුලා ,පියල් නන්දා සහ ඇලන් යන චරිතයන් හට පණ පොවමින් කල යුගය නවකතාව මගින් උක්ත අරමුණ ඉටු කර ගැනීම උදෙසා රචකයා අපූරු වෙහෙසක් දරා ඇත. නවකතාව තුළ ධනපති පන්තියේ පිබිදීම ආකාර දෙකක් ඔස්සේ ඉදිරිපත් කරයි.එනම් ශ්‍රී ලංකාවේ බටහිර අනුකාරක ධනපති පන්තියේ නැගී සිටීම සහ බටහිර ධනපතින් යන ද්විත්ව අංශයේ නැගී සිටීමයි. එංගලන්ත ධනපතීන් නියෝජනය කරමින් ඇලන්ගේ චරිතයද ශ්‍රී ලංකාවේ ධනපතී නියෝජනය කරමින් පියල් හා නන්දාගේ චරිතයද අප රචකයා කතාව තුළ ගෙන හැර දක්වයි . එපමණක් නොව ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණ රදල පැලැන්තියේ හෙවනැලිද මෙම නවකතාව තුළ ඇතැම් ස්ථානවල සක්මන් කරන අතර සමාජ යථාර්ථය ඉතා මැනවින් මෙම කතාව ...

ගම්පෙරළිය නවකතාව

ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශ කතාව තුළ සුප්‍රසිද්ධතම ලේඛකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහයන් නැතිනම් කොග්ගල ප්‍රඥයා විසින් රචනා කරන ලද සුවිශේෂිතම වූ කෘතියක් ලෙස ගම්පෙරළිය හැඳින්විය හැකිය.විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සාහිත්‍යකරණය තුළ හඳුනාගෙන හැකි සම්භාව්‍ය ගණයේ කෘතියක් ලෙස ගම්පෙරළිය විරුදාවලි ලබයි.සාහිත්‍ය  වංශකථාවේ ප්‍රබන්ධ කතාවන් අතර සිය නාමය රන් අකුරින් ලියූ කෘතියක් ලෙස ගම් පෙරළිය ඔප් නංවා ඇති බව නම් නොරහසකි. තුන් ඈදුතු නවකතාවල පළවෙනි කෘතිය වන ගම් පෙරළිය නවකතාව රචනා වන්නේ වර්ෂ1944 දීය.විශේෂයෙන්ම වර්ෂ  1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ගම් පෙරළිය චිත්‍රපටියක් ලෙසද ගොඩනංවනු ලබනවා. යටත් විජිත සමය තුළ මෙරට  පැවති ගමක් වස්තු විෂය කර ගනිමින් ගම්පෙරළිය නවකතාව රචනා වී ඇති අතර එකල පැවති සමාජ,ආර්ථික,සංස්කෘතික ජීවන රටාවන් පිළිබඳව සහ එම ජීවන රටාවන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන ආකාරය පිළිබඳව මෙම නව කතාව විද්‍යමාන කරයි. විශේෂයෙන්ම උක්ත ලක්ෂණයන්ගෙන් එවක සමාජය,ආර්ථික වශයෙන් විකාශනය වූ ආකාරය පිළිබඳව කෘතිය තුළින් මූලික අවධානයක් යොමු කරනු ලබයි. මෙම කෘතිය රචනා වන්නේ පෙර සඳහන් කළ පරිදි වර්ෂ 1944...