Posts

Showing posts from June, 2023

සිංහල සිනමාවේ අක්මුල්

අතීත මානවයා තම සිතැඟි තමා ඇසින්  දුටු දෑ ගල් ලෙන් ආශ්‍රිත සිතුවම් මගින් දෘශ්‍යමාන කළහ.ලොවට කාර්මික ඥානය පහළ වීමත් සමග ඡායාරූපයේ ආගමනයද තවත් කලකින් චලන චිත්‍රයක් දක්වා ද මෙහි කලා මාධ්‍ය දියුණු වූ අතර මෙලෙස දියුණු වූ කලා මාධ්‍ය අන් කිසිවක් නොව සිනමාවයි. රුසියානු ජාතික සිනමාකරුවෙකු වූ අයිසන්ස්ටයිනගේ මතයට අනුව රූපය යථාර්ථයේ අංශු මාත්‍රයකි.මේ ආදී වූ අංශ මාත්‍රයන් රාශියක් එක් වීම නිසා සිනමාව යථාර්ථයට වඩාත් සමීප වේ.1895 දෙසැම්බර් 28 වන දින සිනමාව නම් මූ මූලබීජය මිහිපිට රෝපණය විය. සිංහල සිනමාවේ මඟුල් ලකුණු සනිටුහන් වනුයේ නිහඩ සිනමාපටයක් වූ රාජකීය වික්‍රමය සහ කතානාද චිත්‍රපටයක් වු කඩවුණු පොරොන්දුව දොරට වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙනි.මෙරට සාහිත්‍ය සහ කලාව කෙරෙහි භාරතීයයන් ගේ දැඩි බලපෑමක් එල්ල වී තිබූ බව නොරහසකි.උක්ත කරුණ වඩාත් ගම්‍යමාන වනුයේ මෙරට ප්‍රථම සිනමාපටය වූ රාජකීය වික්‍රමය භාරතීයකුගේ නිෂ්පාදනයක් ලෙස නිම වී තිබීමයි. සිංහල සිනමා වංශ කතාවේ තවත් ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වන්නේ  පලිගැනීම නම් සිංහල චිත්‍රපටයක් ලක්දිව සිනමාහලක 1932 දී තිරගත කිරීමත් සමඟම ස්වාධීන සිනමා  කර්මාන්තයකට දොරගුළු