Posts

සංවර්ධනය

සංවර්ධනය යනු ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකය පුරාම බහුල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි.සංවර්ධනය යනු සරල අර්ථයෙන් ගත් කල කළ යහපත් වූ වර්ධනය යන අර්ථය ලබා දෙයි.එනම් සියලු දෙනාහට පොදුවේ ලබාගත හැකි සංවර්ධනය වේ.සංවර්ධනය යන වචනය අතු ඉතිලා දළුලා වැඩෙන්නට පටන් ගන්නේ වර්ෂ 1950 ආසන්න කාලයේදීය.එයින් එතෙක් සංවර්ධනයක් නොමැති වූ බව අදහස් නොකරයි .එනම් ඒ වන තෙක් සංවර්ධනය පිළිබඳව අදහසක් නොපැවතුණි. එමෙන්ම සංවර්ධන යනු කුමක්දැයි අර්ථ දක්වා ගැනීමේ හැකියාවක් ඒ වන තෙක් නොතිබුණි. වර්ෂ 1940 ජනවාරි මස 20 වන දින එවක ඇමරිකාවේ ජනාධිපතිවරයා එරට කොංග්‍රසය අමතා විශේෂ දේශනයක් සිදු කරන ලදී එම දේශනය වනුයේ point for වේ .එම දේශනයේදී ඔහු ප්‍රථම වතාවට ඌන සංවර්ධිත යන යෙදුම භාවිතා කරන ලදී එයින් අදහස් වූයේ සංවර්ධනය නොවූ යන්නයි මෙම වචනය කරලියට පැමිණීමත් සමඟ එතැන් පටන් සංවර්ධනය යන යෙදුම මෙහිදී ආගමනය සිදුවුණේ සංවර්ධනය සංකල්පය සමාජය පුරා විහිදි යනුයේ ද ඉන් පසුවයි.බොහෝ දෙනෙකු රටක ආර්ථික වශයෙන් සිදුවන දියුණුව සංවර්ධනය වශයෙන් සලකති. නමුත් සංවර්ධනය යනු තනි විෂයක් නොවේ විවිධ විෂයයන් සමඟ සම්බන්ධතා පවත්වන්නා වූ විෂයකි එනම් ආර්ථික සමාජ

වාරණය

  වාරණ යන පදයේ මූලික අදහස වනුයේ මහජනතාව හෙවත් ග්‍රාහකයන් වෙත යම්කිසි සන්නිවේදනයක් සිදු වීමට පෙර එම සංදේශයෙහි ඇතුළත් තොරතුරු, පුවත්,කලා නිර්මාණයන් ඇතුළු එහි අඩංගු දෑ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම, කොටසක් ඉවත් කිරීම,තහනම් කිරීම, ඒවා සන්නිවේදනය සිදු කර ඇත්නම් අදාළ සන්නිවේදකයාට දඬුවම් පැමිණවීම ආදී වූ ක්‍රියාවලියකි. වාරණය යන පදය ඉංග්‍රීසි භාෂාවෙන් "Censorship" වශයෙන් අර්ථ දක්වා ඇත. වාරණය පිළිබඳ නිර්වචන ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ දක්වන පරිදි වාරණය යනු වැළැක්වීම පාලනය කිරීම පරිහාර කිරීම ආදියයි. ඇමරිකාවේ හා කැනඩාවේ ක්‍රියාත්මක වන ( Project Censored) නම් ආයතනය වාරණය යනු කුමක්දැයි පහත පරිදි නිර්වචනය කරනු ලබයි. "බලය යොදා හෝ නොමැතිව පක්ෂ භාජනය,අත්හැර දැමීම,කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය,තොරතුරු සෙවීම මගින් සැබැවින්ම සමාජය තුළ සිදුවන දේ ජනතාවට දැනගැනීම වැලැක්වීම  වාරණය නම් වේ." මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වාරණය අර්ථ දක්වනු ලබන්නේ පාලනය කරනු ලබන්නේ " පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිත සුව පිණිස වාරණ නීති මාලාවක් වරින්වර පණ ලැබෙයි.ඒ අනුව ඇතැම් ලේඛන ප

මාධ්‍ය සදාචාරය හා සමාජ පසුබිම

  වඩාත් ඵලදායක මාධ්‍ය ක්‍රියාවලියකදී සිදුවිය යුත්තේ නීති රීති පනවමින් මාධ්‍ය ක්‍රියාවලිය සිදු කරනවාට වඩා අවබෝධයෙන් යුතුව සියලු දෙනාගේ පොදු එකඟත්වයෙන් සම්මුතීන් ඇති කර ගැනීමයි.වර්තමාන මාධ්‍ය ක්‍රියාවලිය තුළදී ආචාර ධර්ම පද්ධතියකට ආරෝපණය වී ඇතැයි සිතිය නොහැකිය .විශේෂයෙන්ම  විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය භාවිතයේ දී ස්වයං පෙළඹුමක් මත මාධ්‍ය භාවිතා කරනු ලබන ආකාරයක් හඳුනාගත නොහැකිය.එමෙන්ම රජයද එවැනි පෙළඹුමකට කිසිසේත්ම යොමු නොවන බවද ප්‍රකාශ කර තිබේ.කෙසේ හෝ වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ ගොඩක් අගතිගාමී මාධ්‍ය භාවිතයක් රට තුළ නිර්මාණය වීමයි. ලෝකය දෙස බැලීමට පෙර මුලින්ම අප අප දෙස ම හැරී බැලීමේ කාලය වර්තමානය වන විට උදාවී තිබේ.ලෝකයේ සදාචාරාත්මක ප්‍රමිති උල්ලංඝනය කරමින් ගමන් කරන රටක් බවට වර්තමානය වන විට අප පත්ව තිබේ. මාධ්‍යය උදෙසා ප්‍රමිතියක් අවශ්‍ය බවට ප්‍රථම වරට 1947 දී හචින්ස් කොමිසම විසින් පවසා ඇත. මාධ්‍ය හැසිරීම දෙස අවදානය යොමුධානය යොමුකර බැලීමේදී විශේෂයෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අවධානය යොමුකර බැලීමේදී වඩාත් නින්දිත ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරන ආකාරයක් හඳුනාගත හැකිය.මුල් කාලයේ දී

සිංහල සිනමාවේ අක්මුල්

අතීත මානවයා තම සිතැඟි තමා ඇසින්  දුටු දෑ ගල් ලෙන් ආශ්‍රිත සිතුවම් මගින් දෘශ්‍යමාන කළහ.ලොවට කාර්මික ඥානය පහළ වීමත් සමග ඡායාරූපයේ ආගමනයද තවත් කලකින් චලන චිත්‍රයක් දක්වා ද මෙහි කලා මාධ්‍ය දියුණු වූ අතර මෙලෙස දියුණු වූ කලා මාධ්‍ය අන් කිසිවක් නොව සිනමාවයි. රුසියානු ජාතික සිනමාකරුවෙකු වූ අයිසන්ස්ටයිනගේ මතයට අනුව රූපය යථාර්ථයේ අංශු මාත්‍රයකි.මේ ආදී වූ අංශ මාත්‍රයන් රාශියක් එක් වීම නිසා සිනමාව යථාර්ථයට වඩාත් සමීප වේ.1895 දෙසැම්බර් 28 වන දින සිනමාව නම් මූ මූලබීජය මිහිපිට රෝපණය විය. සිංහල සිනමාවේ මඟුල් ලකුණු සනිටුහන් වනුයේ නිහඩ සිනමාපටයක් වූ රාජකීය වික්‍රමය සහ කතානාද චිත්‍රපටයක් වු කඩවුණු පොරොන්දුව දොරට වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙනි.මෙරට සාහිත්‍ය සහ කලාව කෙරෙහි භාරතීයයන් ගේ දැඩි බලපෑමක් එල්ල වී තිබූ බව නොරහසකි.උක්ත කරුණ වඩාත් ගම්‍යමාන වනුයේ මෙරට ප්‍රථම සිනමාපටය වූ රාජකීය වික්‍රමය භාරතීයකුගේ නිෂ්පාදනයක් ලෙස නිම වී තිබීමයි. සිංහල සිනමා වංශ කතාවේ තවත් ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වන්නේ  පලිගැනීම නම් සිංහල චිත්‍රපටයක් ලක්දිව සිනමාහලක 1932 දී තිරගත කිරීමත් සමඟම ස්වාධීන සිනමා  කර්මාන්තයකට දොරගුළු