Posts

Showing posts from September, 2024

මලගිය ඇත්තෝ

අද නවකතාව ලෙස වස්තු විෂය කර ගනු ලබන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා,කෙටි කතා,නාට්‍ය ආදී වූ විශාල සාහිත්‍ය මෙහෙවරක් සිදු කළ මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව පිළිබඳවයි.වර්ෂ 1917 ජුනි මස තුන්වන දින උපත ලබන සරච්චන්ද්‍රයන් සිංහල නවකතා,කෙටිකතා,ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක් සිදුකර තිබෙන විශිෂ්ට සාහිත්‍යදරයෙකි. එතුමා විසින් වර්ෂ 1859 දී ප්‍රකාශයට පත් කරනු ලබන මළගිය ඇත්තෝ නවකතාව පිටු එකසිය විසිඅටකින් සහ පරිච්ඡේදයන් පහළොවකින් යුක්ත වේ. මේ ශ්‍රේෂ්ඨ රචකයා අතින් නිර්මාණය වන ලද මෙම නවකතාව තුළ හඳුනාගත හැකි සුවිශේෂීතම ලක්ෂණය වනුයේ ජපානය පදනම් කර ගනිමින් මෙම නවකතාව ගොඩනගා තිබීමයි.ජපානය පදනම් කරගනිමින් මෙම නවකතාව රචනා කර තිබුණද එම ආගන්තුක බව මෙම නවකතාව තුළ හඳුනාගත නොහැකි අයුරින් සිංහල ජන සමාජයට කාවැදෙන අයුරින් නිමවා තිබීම එහි ඇති සුවිශේෂීතම ලක්ෂණයයි. මෙම නවකතාව ගලායාමේදී ජපානය තුළ ඇති විවිධ සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් කතුවරයා අපට කියාපායි.ජපන් සංස්කෘතිය අප හට ආගන්තුක වුවද එම රටෙහි සංස්කෘතිය අපට නොදැනෙන ලෙස කා වැදෙන අයුරින් මෙම කතාවේ ගලායාම තුළ ගොනුගත කර තිබීමක්ද හඳුනාගත හැකිය...

සෙංකොට්ටං

අද වන විට ශ්‍රී ලංකාවේ නවකතාව ඉතාමත්ම ඉහළ තලයකට පැමිණ තිබෙනවා.එම නවකතා අතරින් වර්තමානය වන විට ශ්‍රී ලාංකීය නවකතාවේ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වුණ නවකතාවක් ලෙස සෙංකොට්ටං හඳුන්වන්න පුළුවන්.අද වන විට වැඩිම අලෙවියක් හිමිකරගෙන තිබෙන නවකතාවක් ලෙස සෙංකොට්ටං හඳුන්වන්න පුළුවන්.මෙම නවකතාව රචනා කරනු ලබන්නේ සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉබුලයන් විසින්.මෙම නවකතාව 2012 වර්ෂයේදී විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගනු ලබනවා. එපමණක් නොව ඊට අමතරව, 2012 විශිෂ්ටතම නවකතාව-විද්‍යෝදය සම්මානය 2012 විශිෂ්ටතම නවකතාව-ගොඩගේ සාහිත්‍ය සම්මානය 2012 වර්ෂය ස්වර්ණ පුස්තක සම්මානය සඳහාද මෙම කෘතිය නිර්දේශ වෙනවා. මෙලෙස අතිශය සම්මානයට පාත්‍ර වන ලද මෙම නවකතාව තුළ තවත් සුවිශේෂිතම ලක්ෂණයක් හඳුනාගත හැකිය.මෙලෙස සම්මානයට පාත්‍රවන ලද මෙම නවකතාව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ ප්‍රථම නවකතාව වේ. ඔහු තම ප්‍රථම නවකතාව තුළින්ම සම්මානයට අතිශය ජනාදරයට පත්ව තිබේ. මෙම නවකතාව ගෙති ඇත්තේ රෙදි සෝදන පවුලක් වටාය.මීට සිය වසරකට පමණ පෙර ජීවත් වූ හේනයාගේ පවුල මුල් කරගනිමින් මෙම කතාව ගොඩනැගී තිබෙනවා. "එදා කඩපලේ සිල්ලර කඩේ උන්...

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය

ශ්‍රී ලාංකීය පාඨකයන් නවකතාව නමැති කලා මාධ්‍යය වෙත මුලින්ම අත්පොත් තබන්නේ 19 වැනි සියවසේදීය.මුල් කාලීන සිංහල නවකතාකරුවන් විසින් ඉංග්‍රීසි නවකතාවේ ස්වරූපය ඒ ආකාරයෙන්ම අනුකරණය කිරීමට අසමත් විය.කෙසේ වුවද සිංහල නවකතාවේ විකාශය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සිංහල නවකතාවේ විකාශනය උදෙසා මුල් කාලීන නවකතාකරුවන්ගේ සුවිශේෂී වූ දායකත්වයක් හිමි වූ බව ප්‍රකට කරුණකි. සිංහල නවකතාවේ මූල බීජය රෝපණය වන්නේ වර්ෂ  1905 දීය. අලුත්ගමගේ සයිමන් ද සිල්වා මහතා විසින් රචනා කරන ලද මීනා නව කතාව සිංහල සිනමාවේ පළමු නවකතාව ලෙස සැලකේ. මීනා නවකතාව රචනා වීමෙන් අනතුරුව පියදාස සිරිසේනයන්ගේ "රොසලින් සහ ජයතිස්ස"යන නවකතාව රචනා විය.පියදාස සිරිසේනයන්ගේ දෙවන නවකතාව $අපට වෙච්ච දේ"නමින් කරළියට පැමිණේ. ඉන් පසුව ඔහු විසින් ලියන ලද නවකතා අතර තරුණියකගේ ප්‍රේමය,ඩිංගිරි මැණිකා,වලව්වක පළහිලව්ව,විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හා ඩෙබර කෙල්ල ආදිය වේ. සිංහල නවකතාව පෝෂණයෙහිලා සුවිශේෂී වූ දායකත්වයක් දැක්වූ තවත් සුවිශේෂී චරිතයක් ලෙස ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා හඳුන්වා දිය හැකිය.වර්තමානය තුළ හඳුනාගත හැකි නවකතා කෘති අතර  සිල්වා ම...