මලගිය ඇත්තෝ
අද නවකතාව ලෙස වස්තු විෂය කර ගනු ලබන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයට නවකතා,කෙටි කතා,නාට්‍ය ආදී වූ විශාල සාහිත්‍ය මෙහෙවරක් සිදු කළ මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව පිළිබඳවයි.වර්ෂ 1917 ජුනි මස තුන්වන දින උපත ලබන සරච්චන්ද්‍රයන් සිංහල නවකතා,කෙටිකතා,ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක් සිදුකර තිබෙන විශිෂ්ට සාහිත්යදරයෙකි.
එතුමා විසින් වර්ෂ 1859 දී ප්‍රකාශයට පත් කරනු ලබන මළගිය ඇත්තෝ නවකතාව පිටු එකසිය විසිඅටකින් සහ පරිච්ඡේදයන් පහළොවකින් යුක්ත වේ.
මේ ශ්‍රේෂ්ඨ රචකයා අතින් නිර්මාණය වන ලද මෙම නවකතාව තුළ හඳුනාගත හැකි සුවිශේෂීතම ලක්ෂණය වනුයේ ජපානය පදනම් කර ගනිමින් මෙම නවකතාව ගොඩනගා තිබීමයි.ජපානය පදනම් කරගනිමින් මෙම නවකතාව රචනා කර තිබුණද එම ආගන්තුක බව මෙම නවකතාව තුළ හඳුනාගත නොහැකි අයුරින් සිංහල ජන සමාජයට කාවැදෙන අයුරින් නිමවා තිබීම එහි ඇති සුවිශේෂීතම ලක්ෂණයයි.
මෙම නවකතාව ගලායාමේදී ජපානය තුළ ඇති විවිධ සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් කතුවරයා අපට කියාපායි.ජපන් සංස්කෘතිය අප හට ආගන්තුක වුවද එම රටෙහි සංස්කෘතිය අපට නොදැනෙන ලෙස කා වැදෙන අයුරින් මෙම කතාවේ ගලායාම තුළ ගොනුගත කර තිබීමක්ද හඳුනාගත හැකිය.
එමෙන්ම මෙම කතාව ආත්ම විග්රහයක ස්වරූපයකින් ගොඩනගා තිබේ.වරක් පාඨකයන් විසින් කතුවරයාගෙන් මේ ඔබේ සැබෑම ජීවිත අත්දැකීමක් දැයි විමසූ කල්හි සරත්චන්ද්‍රයන් විසින් සඳහන් කර ඇත්තේ "සාහිත්‍ය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පවතින්නක්" බවයි.
ඉතින් මෙම නවකතාව කියවන ඔබට හොඳින් වැටහේවි කාව්‍යාත්මක බස් වහරක් උපයෝගී කරගනිමින් රචකයා ඉතාමත් මැනවින් හා සංයමයකින් යුතුව මෙම කතාව තුළ භාෂාව හසුරුවා ඇති බව.
කෘතියේ කතාව ගලායාම දෙස තවදුරටත් අවධානය යොමු කර බැලීමේදී දෙවොන්දරාසන් නමැති සිංහල ජාතික තරුණයා සහ නොරිකෝසං නම් ජපන් ජාතික තරුණිය වටා මෙම කතාව ගෙති ඇත.මෙම තරුණයා ජපානය වෙත යනු ලබන්නේ තවත් රටවල් කිහිපයක සංචාරකරමින් චිත්‍ර ප්රදර්ශනයන්ද පවත්වමින්ය.ඔහු තමාටම ආවේණික වූ ශිල්පීය ක්‍රමයක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවයි ජපානය වෙත පියමං කරනු ලබන්නේ.මුල් කාලයේදී නොදන්නා රටක් වීම නිසා තරමක් කාන්සියකින් කාලය ගත කරන ඔහුගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වන්නේ අවන්හලක් තුළදී නොරිකෝසං හමුවීමත් සමඟයි.
කාලයත් සමග ඇයව නොදැක සිටීමට පවා නොහැකි වූ දෙවොන්දරාසන් නොරිකෝ සමග බොහෝ සෙයින් කුළුපගවේ.ඇයද ඔහුට බිරිඳක නොවුනද බිරිඳකගේ සියලු රාජකාරී ඔහු වෙත ඉටු කර දෙනු ලබයි.නමුත් දෙදෙනාගේම සිත් වරින් වර වෙනස්වීම් වලට භාජනය වේ.දෙවොන්දරාසන් හට ඇයව හිමිකර ගැනීමට අවශ්‍ය වුවත් ඔහු ඒ පිළිබඳව සෘජු තීරණයක් ගැනීමට නොහැකි දුර්වල චරිතයක ස්වරූපයක් ඉස්මතු කර පෙන්වයි
ඉතින් කෘතිය අවසානයේ දෙදෙනා එක්වෙයිද?ඒ පිළිබඳව දැන ගැනීමට නම් ඔබ මේ කෘතිය අනිවාර්යෙන්ම කියවිය යුතුය.

Comments
Post a Comment