Posts

Showing posts from December, 2024

ගොළු හදවත

ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පුවත්පත් සංස්කාරකවරයකු වූ  කරුණාසේන ජයලත් මහතා  විසින් මෙම නවකතාව  රචනා කර තිබේ.විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණු වන්නේ වන්නේ එතුමා විසින් රචනා කරන පළමුව කතාව ගොළු හදවත වීමයි. වර්ෂ 1962 දී රචනාවට රචනා වූ මෙම කෘතියට 1963 දී රාජ්‍ සාහිත්‍ය සම්මානය හිමිවෙනවා. පරිච්ඡේදය දාහතකින්ද පිටු 231කින්ද මෙම කෘතිය සමන්විත වී තිබෙනවා. වර්ෂ  1968 දී ගොළු හදවත නමින් චිත්‍රපටයක් ලෙසද මෙය නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. එකම පාසලේ ඉගෙන ගන්න සුගත් සහ ධම්මි කේන්ද්‍ර කර ගනිමින් මෙම කෘතිය රචනා වී ඇති අතර ධම්මි සුගත්ට් ප්‍රේම කරන බව පවසා ඔහුව රැවටීමට ලක් කරනවා. අවසානයේ ප්‍රේමයට තිත තබන ඇය ඇගේ මස්සිනා වන නිහාල් ජයසිංහ සමඟ විවාහ දිවියට පා තබනවාම් සැබවින්ම සුගත්ගේ අනාගතයට කුමක් වේවිද මෙම නවකතාව ගෙති ඇත්තේ මේ සම්බන්ධවයි. සුගත්ගේ අනාගතය පිළිබඳව දැනගන්න මේ නවකතාව කියවන්න.

BLASPHEMY

2011 වසරේදී රචනා වූ BLASPHEMY කෘතිය ලොව පුරා ජනප්‍රිය වූ සුවිශේෂී කෘතියක් ලෙස හඳුනාගත හැකිය.මෙම කෘතිය රචනා කරනු ලබන්නේ හෑන් ඉසබෙල්ඩ් නම් මාධ්‍යවේදී විසිනි.මෙම කෘතිය දිය බිඳක අවනඩුව ලෙස කුමාර සිරිවර්ධන මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලබනවා. කතාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මානව ඉතිහාසයේ මරණ දඬුවම නියම වූ කාන්තාවක් ඉන් බේරා ගැනීම සඳහා වූ අතිශය විරල ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් මෙම කෘතිය රචනා කර තිබෙනවා. මධ්‍යම පාකිස්ථානයේ පංජාබ් ප්‍රදේශයේ සිටි කාන්තාවක් තේමා කර ගනිමින් මෙම නවකතාව නිර්මාණය කර තිබෙනවා. හැමදෙනාම දන්නා පරිදි පාකිස්ථානයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ මුස්ලිම් ජාතිකයින්. එය පාකිස්ථාන සමස්ත ජනගහනයෙන් 92%කි. අසියා බිබී ඇයගේ සැමියා සහ පවුල කා සමගත් හොඳින් ජීවත් වුනා.නමුත් දිනක් ඇය සේවයේ දිනක මුස්ලිම් අයට අයත් ළිඳකින් සහ බඳුනකින් වතුර බීමට සිදුවෙනවා. මෙම සිදුවීම අවසානයේ බහින්බස්වීමක් දක්වා දුරදිග යාම හේතු කොටගෙන ඉස්ලාම් ආගමට අපහාස කළ අයයි අසියා බිබීව සිරගත කොට මරණ දඬුවම ලබා දෙන ලෙස නියෝග කරනවා. නමුත් පාකිස්ථානයේ සේවය කරමින් සිටි ප්‍රංශ ජාතික මාධ්‍යවේදනයක් වන මෙම කෘතියේ කර්තෘවරි...

කටු ඉඹුල

කටු ඉඹුල නවකතාව රචනා කරනු ලබනුයේ ප්‍රවීණ ලේඛක සරත් ධර්මසිරි මහතා විසිනි.එතුමා ප්‍රවීණ ලේඛකයෙකු පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තිර පිටපත් හර් රචකයෙකුද වෙනවා.බෝගල සවුන්දිරිස් කතාවද එතුමාගේ නිර්මාණයකි.මෙතුමා බොහෝ බොහෝ විට තම නිර්මාණ මගින් කතා කරනු ලබනුයේ සමාජයේ නොදුටු පැතිකඩයන් පිළිබඳවයි.වර්ෂ 1999 දී මෙම කෘතිය ප්‍රකාශයට පත් කරනු ලබන අතර 2000 වර්ෂයේ දී රාජ්‍ය සාහිත්‍යය සම්මානය මෙන්ම ගොඩගේ සම්මානය ද මෙම සුවිශේෂී සුවිශේෂී නවකතාව හිමිකර ගනු ලබනවා.එමෙන්ම මෙම නවකතාව පාදක කර ගනිමින් කටු ඉඹුල නමින් ටෙලි නාට්‍යයක්ද නිර්මාණය වූවා. ශ්‍රී ලංකාව තුළ ගොවිජනපද ව්‍යාපාර රාශියක් බිහි වුණා.මෙම නවකතාවට පාදක වී තිබෙන්නේ රාජාංගනය ජලාශ්‍රය ආශ්‍රය කර ගනිමින් බිහි වූ ගොවිජනපද ව්‍යාපාරයක් පිළිබඳවයි.ජේමිස්,සුගතපාල,බණ්ඩා යන අය වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලොරි වලින් බඩු පටවාගෙන මෙම අලුත් ජනපදය වෙතට පිය නගනවා.මුල් කාලයේදී මොවුන්ගේ දිවි පෙවෙත ඉතාමත් අසීරු තත්ත්වයකින් මොවුන්ට ගෙවීමට සිදුවෙනවා.ජේම්ස් ඉතා හොඳ ගොවියකි.සුගත බණ්ඩා මුදල් ඉපයීමේ දක්ෂයෙකි.මේ ආකාරයට එක එක පළාත්වලින් පැමිණි විවිධ වූ මිනිසුන් ඒකරාශී ...