BLASPHEMY

2011 වසරේදී රචනා වූ BLASPHEMY කෘතිය ලොව පුරා ජනප්‍රිය වූ සුවිශේෂී කෘතියක් ලෙස හඳුනාගත හැකිය.මෙම කෘතිය රචනා කරනු ලබන්නේ හෑන් ඉසබෙල්ඩ් නම් මාධ්‍යවේදී විසිනි.මෙම කෘතිය දිය බිඳක අවනඩුව ලෙස කුමාර සිරිවර්ධන මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලබනවා.

කතාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මානව ඉතිහාසයේ මරණ දඬුවම නියම වූ කාන්තාවක් ඉන් බේරා ගැනීම සඳහා වූ අතිශය විරල ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් මෙම කෘතිය රචනා කර තිබෙනවා.

මධ්‍යම පාකිස්ථානයේ පංජාබ් ප්‍රදේශයේ සිටි කාන්තාවක් තේමා කර ගනිමින් මෙම නවකතාව නිර්මාණය කර තිබෙනවා.

හැමදෙනාම දන්නා පරිදි පාකිස්ථානයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ මුස්ලිම් ජාතිකයින්. එය පාකිස්ථාන සමස්ත ජනගහනයෙන් 92%කි.

අසියා බිබී ඇයගේ සැමියා සහ පවුල කා සමගත් හොඳින් ජීවත් වුනා.නමුත් දිනක් ඇය සේවයේ දිනක මුස්ලිම් අයට අයත් ළිඳකින් සහ බඳුනකින් වතුර බීමට සිදුවෙනවා. මෙම සිදුවීම අවසානයේ බහින්බස්වීමක් දක්වා දුරදිග යාම හේතු කොටගෙන ඉස්ලාම් ආගමට අපහාස කළ අයයි අසියා බිබීව සිරගත කොට මරණ දඬුවම ලබා දෙන ලෙස නියෝග කරනවා.

නමුත් පාකිස්ථානයේ සේවය කරමින් සිටි ප්‍රංශ ජාතික මාධ්‍යවේදනයක් වන මෙම කෘතියේ කර්තෘවරියද වෙන hand isabled මෙම සිදුවීම පුවත්පතකින් දැකීමෙන් එය ලොව පුරා ප්‍රචාරය කරනවා.

නමුත් ඇයව බේරා ගැනීමට නොහැකි වීම නිසා අදාල කාන්තාව විසින් මෙය කෘතියක් ලෙස 2011 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 2018 දී ආසියා බිබීව මරණ දඬුවමින් නිදොස් කොට නිදහස් කරනු ලබනවා. ඒ අන් කිසිවක් නිසා නොව ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම මතයි.

කරනවා පවසන්නේ නම් ඇයගේ නිදහස උදෙසා මෙම කෘතිය මහත් වූ දායකත්වයක් දැක්වූ බව නම් නොරහසකි

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය