සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය



ශ්‍රී ලාංකීය පාඨකයන් නවකතාව නමැති කලා මාධ්‍යය වෙත මුලින්ම අත්පොත් තබන්නේ 19 වැනි සියවසේදීය.මුල් කාලීන සිංහල නවකතාකරුවන් විසින් ඉංග්‍රීසි නවකතාවේ ස්වරූපය ඒ ආකාරයෙන්ම අනුකරණය කිරීමට අසමත් විය.කෙසේ වුවද සිංහල නවකතාවේ විකාශය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සිංහල නවකතාවේ විකාශනය උදෙසා මුල් කාලීන නවකතාකරුවන්ගේ සුවිශේෂී වූ දායකත්වයක් හිමි වූ බව ප්‍රකට කරුණකි.

සිංහල නවකතාවේ මූල බීජය රෝපණය වන්නේ වර්ෂ  1905 දීය. අලුත්ගමගේ සයිමන් ද සිල්වා මහතා විසින් රචනා කරන ලද මීනා නව කතාව සිංහල සිනමාවේ පළමු නවකතාව ලෙස සැලකේ.

මීනා නවකතාව රචනා වීමෙන් අනතුරුව පියදාස සිරිසේනයන්ගේ "රොසලින් සහ ජයතිස්ස"යන නවකතාව රචනා විය.පියදාස සිරිසේනයන්ගේ දෙවන නවකතාව $අපට වෙච්ච දේ"නමින් කරළියට පැමිණේ. ඉන් පසුව ඔහු විසින් ලියන ලද නවකතා අතර තරුණියකගේ ප්‍රේමය,ඩිංගිරි මැණිකා,වලව්වක පළහිලව්ව,විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හා ඩෙබර කෙල්ල ආදිය වේ.

සිංහල නවකතාව පෝෂණයෙහිලා සුවිශේෂී වූ දායකත්වයක් දැක්වූ තවත් සුවිශේෂී චරිතයක් ලෙස ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා හඳුන්වා දිය හැකිය.වර්තමානය තුළ හඳුනාගත හැකි නවකතා කෘති අතර  සිල්වා මහතාගේ නවකතා රාශියක් හඳුනාගත හැකිය.සිල්වා මහතාගේ ප්‍රථම නවකතාව වන්නේ සිරියලතා  නොහොත් අනාථ තරුණියයි. එය ප්‍රකාශයට පත්වනු ලබන්නේ වර්ෂ 1909 දීය

සිංහල නවකතාවේ මහා දැවැන්ත චරිතයක් වන මාර්ටින් වික්‍රමසිංහ මහතා කරලියට පැමිණෙන්නේ වර්ෂ 1954 දීය.ඒ එතුමා විසින් රචනා කරන ලද ලීලා නවකතාව තුළින්.එම නවකතාවෙන් අනතුරුව වර්ෂ 1945 දී පළ වූ මිරිඟුව නව කතාවෙන් මාටින් වික්‍රමසිංහ මහතා ප්‍රතිභා පූර්ණ නවකතාකරුවෙකු ලෙස ඉස්මතු වී පෙනෙන්නට පටන් ගන්නා ලදී.

සිංහල නවකතාව කලාත්මක මගකට පිවිසුනේ වර්ෂ 1944 දී නිකුත් වූ "ගම් පෙරළිය"නවකතාව තුළිනි.නවකතාවේ විෂය පුළුල් කිරීමත් එය සියුම් කලාත්මක නිර්මාණයක් වශයෙන් අගය කිරීමට සැලසීමත් මෙම නවකතාවෙන් සිදු වූ මහඟුම සේවයයි. තුන්ඈදුතු  නවකතාවෙහි අනෙකුත් කෘතීන්වන කලි යුගය සහ යුගාන්තය ආදිය කෘති රචනාවන්හි ඉන් අනතුරුවය.වර්ෂ 1956 දී රචනා වු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව බොහෝ විචාරකයින්ගේ අවධානය දිනා ගත් කෘතියක් බවට පත්විය.එය සිංහලයේ පළමු මනෝවිද්‍යාත්මක නවකතාව වශයෙන්ද හඳුන්වනු ලබයි.

ඉන්පසු නවකතා විකාශනයේ සුවිශේෂීතම වූ කේන්ද්‍රස්ථානයක් බවට සහ සුවිශේෂිත වූ චරිතයක් බවට පත් වූයේ ගුණදාස අමරසේකර යන්ය. ගුණදාස අමරසේකරයන් වර්ෂ 1955 දී කරුමක්කාරයෝ නවකතාව මගින් කරළියට පැමිණේ.

පසුව වර්ෂ 11956 දී මහාචාර්ය ඉදිරිවීර සරච්චයන්ගේ මළගිය ඇත්තෝ සිරී ගුණසිංහයන් වර්ෂ1960 දී රචනා කරන ලද හෙවනැල්ල ආදී කෘති සිංහල නවකතා ක්ෂේත්‍රයෙහි සුවිශේෂී වූ කේන්ද්‍රස්ථානයක් සටහන් කරන ලද කෘති ලෙස හඳුනාගත හැකිය.

මෙම නවකතාවලට අමතරව කේ.ජයතිලකයන්ගේ චරිත තුනක්,මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කළුවර ගෙදර,ජී.බීසේනානායකයන්ගේ මේදා  නමැති නවකතාවන්ද සිංහල නවකතා ක්ෂේත්‍රය තව තවත් පුළුල් කරන්නට මහත් වූ ප්‍රයත්නයක් ලබා දුනි.

ඉකුත් දශක පහ පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සංඛ්‍යාත්මක වශයෙන් අති විශාල කෘති සංඛ්‍යාවක් එම යුගයේදී නිර්මාණය වූ බව හඳුනාගත හැකිය.පසුගිය දශක පහ තුළ නවකතා අති විශාල ප්‍රමාණයක් සිංහල සාහිත්‍යයට එක් වූ බවද නොරහසකි.එලෙස කෘති රචනා වුවද එම කෘති අතරින් විශිෂ්ඨ නිර්මාණ ලෙස සැලකිය හැකි කෘති ප්‍රමාණය ස්වල්පයක් බවද ප්‍රකාශ කළ යුතුය.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ