කැමීලියා
මෙම සුවිශේෂී නවකතාව රචනා කරනු ලබනුයේ සම්මානනීය ලේඛිකා විරාජිණි තෙන්නකෝන් විසිනි.2023 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලබන මෙම කෘතිය 2024 වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය හිමි කරගනු ලබනවා.මෙම කෘතිය සරසවි ප්‍රකාශකයන් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන අතර පරිච්ඡේද 14කින් සහ පිටු 222 කින් කෘතිය සමන්විත වේ.
නවකතාවේ සාරාංශය දෙස අවධානය යොමු කර බැලීමේදී නවකතාව පරම්පරා තුනක් ඔස්සේ දිව යනු ලබනවා.පරම්පරා තුන ඔස්සේ දිව යන මෙම කතාවෙහි ප්‍රධාන චරිතයන් හොබවනු ලබන්නේ ජිෆ්රිද සේරම් ඇණීඩාද සේරම් සහ කැමීලියා ද සේරම් යන චරිතයි.
නවකතාව ආරම්භ වනුයේ වතු හිමියෙකු වන ජිෆ්රිද සේරම් සහ ඇණීඩාගේ විවාහයෙනි.විවාහයෙන් පසු දෙදෙනාම ජිෆ්රිගේ වතුයායට පදිංචිය සඳහා පිටත්ව යනු ලබනවා.වතු යායට පදිංචියට ගිය මුල් කාලවකවානුව තුළදී ඇනීඩා වතුකම්කරුවන් සමඟ සුහදතාවයක් දක්වන්නේ නැහැ.
නමුත් කෘතියේ සමහර උදෘතයන් අධ්‍යයනය කිරීම මගින් පෙනී යන්නේ ඇතැම් අවස්ථා වලදී ඇය එම වතුකම්කරුවන්ගේ එකම ගැලවුම්කාරයා වී ඇති බවයි.ඔහුගේ ස්වාමි පුරුෂයා වන ජෙෆ්රි ද සේරම් යනු ඉතාමත් දැඩි වතු හිමිකරුවෙකි.
මොවුන් දෙදෙනා හට දියණියක් සිටින අතර ඇය කැමීලියා වේ.කාලය වේගයෙන් පියඹා යන අතර ක්‍රමක්‍රමයෙන් මෙම යුවළ මහලු වියට පත්වේ.කැමීරියාගේ දියණිය නැතිනම් ඈන් මරීගේ දාහත් වන උපන්දිනය දා තම මිත්තණිය විසින් ඇයට තම දිනපොත පරිත්‍යාග කරනු ලබනවා.
ඒ අනුව මෙම දිනපොතෙහි සඳහන් අතීතාවලෝකනයක් මිනිබිරියගේ මුවින් පිටවන සෙයින් මෙම නවකතාව නිමවා තිබෙනවා.
සරලවම පවසන්නේ නම් තේ වතු හා බැඳුණු ජීවිත පිළිබඳ ගෙතුණු ඉතාමත් සුන්දර කතාවක් කැමීලියා නවකතාව තුළ අන්තර්ගතව පවතිනවා.
Comments
Post a Comment