මාධ්‍ය සදාචාරය හා සමාජ පසුබිම

 

වඩාත් ඵලදායක මාධ්‍ය ක්‍රියාවලියකදී සිදුවිය යුත්තේ නීති රීති පනවමින් මාධ්‍ය ක්‍රියාවලිය සිදු කරනවාට වඩා අවබෝධයෙන් යුතුව සියලු දෙනාගේ පොදු එකඟත්වයෙන් සම්මුතීන් ඇති කර ගැනීමයි.වර්තමාන මාධ්‍ය ක්‍රියාවලිය තුළදී ආචාර ධර්ම පද්ධතියකට ආරෝපණය වී ඇතැයි සිතිය නොහැකිය .විශේෂයෙන්ම  විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය භාවිතයේ දී ස්වයං පෙළඹුමක් මත මාධ්‍ය භාවිතා කරනු ලබන ආකාරයක් හඳුනාගත නොහැකිය.එමෙන්ම රජයද එවැනි පෙළඹුමකට කිසිසේත්ම යොමු නොවන බවද ප්‍රකාශ කර තිබේ.කෙසේ හෝ වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ ගොඩක් අගතිගාමී මාධ්‍ය භාවිතයක් රට තුළ නිර්මාණය වීමයි.

ලෝකය දෙස බැලීමට පෙර මුලින්ම අප අප දෙස ම හැරී බැලීමේ කාලය වර්තමානය වන විට උදාවී තිබේ.ලෝකයේ සදාචාරාත්මක ප්‍රමිති උල්ලංඝනය කරමින් ගමන් කරන රටක් බවට වර්තමානය වන විට අප පත්ව තිබේ.

මාධ්‍යය උදෙසා ප්‍රමිතියක් අවශ්‍ය බවට ප්‍රථම වරට 1947 දී හචින්ස් කොමිසම විසින් පවසා ඇත.

මාධ්‍ය හැසිරීම දෙස අවදානය යොමුධානය යොමුකර බැලීමේදී විශේෂයෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අවධානය යොමුකර බැලීමේදී වඩාත් නින්දිත ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරන ආකාරයක් හඳුනාගත හැකිය.මුල් කාලයේ දී ආගම,ජාතිය හා කුලය පදනම් කරගනිමින් කර ගනිමින් පුද්ගලයින් වෙන් කොට දැක්වීමක් විශේෂ කොට දැක්වීමක් ම සිදුකර තිබේ.

තම නාලිකාවේ පුවත් අංක එකේ පුවත් බවට පත්කර ගැනීමේ දැඩි උවමනාවක පසුවන වර්තමාන මාධ්‍ය සදාචාරාත්මක කොන්දේසි උල්ලංඝනය කරමින් නරඹන්නාගේ අසන්නාගේ සහ කියවන්නාගේ විනෝදය සහ කුතුහලය යන කාරණා පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් ප්‍රවෘත්ති විකාශය කරනු ලබන සෙයක් වර්තමාන ප්‍රවෘත්ති විකාශය තුළ දක්නට ඇත.මේ තුළ ඇති වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ මාධ්‍යයේ මෙම මාධ්‍ය ධර්ම උල්ලංඝණය කිරීමට එරෙහිව  බලපෑම් කළ හැකි බලපෑම් කණ්ඩායමක් සීමිත ප්‍රමාණයක් මෙරට තුළ පැවතීමයි.

යම්කිසි අපරාධයකට හෝ යම්කිසි යම් කිසි සිදුවීමකට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවකදී  මාධ්‍ය ඔහුගේ අනන්‍යතාවය මෙන්ම ඔහු හා සම්බන්ධ බොහෝ කරුණු විවෘතව විවෘත ව ඉදිරිපත් කරනු ලබයි.නමුත්  ඇතැම් අවස්ථාවලදී එවැනි පුද්ගලයෙකු නිවැරදිකරුවෙකු බවට පත් වුවහොත් මේ පත් වුවහොත්වුවහොත් මේ මාධ්‍ය මගින් විකාශනය කරනු ලබන්නේ ඉතාමත්ම කලාතුරකිනි.සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද  ද නිව්ස්පේපර් සිනමාපටය මගින් මෙය මැනවින් පිළිබිඹු කරනු ලබයි.

මෙලෙස පුවත් වාර්තාකරණයේ දී පුද්ගලයින්ගේ අනන්‍යතා පිළිබඳ තැකීමක් සිදු නොකර පුද්ගලික අනන්‍යතා අතික්‍රමණය කරමින් කිරීමක් වර්තමාන මාධ්‍ය තුළ දක්නට ඇත.විශේෂයෙන්ම පැවති කොවිඩ් 19 වසංගතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ කාල වකවානුව තුළ දී මාධ්‍ය හැසිරීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙය වඩාත් ම හොඳින් හඳුනාගත හැකිය.

මෑත  වකවානු පිළිබඳව අවධානය යොමු කර බැලුවහොත් ඇතැම් පුද්ගලයින් සංවිධාන හා ආයතන මගින් සිදු කරනු ලබන බරපතළ ලිංගික හිංසන පිළිබඳව සැබැවින්ම ජනතා විරෝධයක් මතු විය යුතුය.නමුත් මාධ්‍ය මගින් පුවත් මවමින් සැබෑ ජනතා ගැටළු යටපත් කිරීම නිසා මෙවැනි වූ විරෝධයන්ට ඉඩ හසර වෙන් නොවේ.

සමස්තයක් වශයෙන් ගත් කල මාධ්‍ය බලපෑමට ලක් වන්නන් ලෙස මෙන්ම මාධ්‍ය අවිචාරවත් හැසිරීමට ගොදුරු වන්නන් ලෙස අප ප්‍රශ්න නැගිය යුතු නොවෙද ? එසේ ප්‍රශ්න කිරීමට හැකි සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමට හැකි නම් වඩාත් තීරණාත්මක හා නව දැනුමකින් යුතු වූ මාධ්‍ය භාවිතයක් භාවිතයක් වෙතට ජනතාව යොමු කළ හැකිය.එය යම්කිසි සංවිධානයකින් හෝ ආයතනයකින් සිදු කරන තෙක් බලා සිටිනවාට වඩා තනි තනිව පුද්ගලයින් ම  සිතාමතා කටයුතු කරනවානම් මෙය වඩාත් ඵලදායී දෙස සිදු කරගත හැකිය. මාධ්‍යයේ මෙවැනි අවිචාරවත් භාවිතයන්ට බලපෑම් කළ හැකි ප්‍රබල බලපෑම් කණ්ඩායම් රාශියක් ද මේ තුළින් නිර්මාණය කරගත හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

සංවර්ධනය

සිංහල සිනමාවේ අක්මුල්