සංවර්ධනය

සංවර්ධනය යනු ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකය පුරාම බහුල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි.සංවර්ධනය යනු සරල අර්ථයෙන් ගත් කල කළ යහපත් වූ වර්ධනය යන අර්ථය ලබා දෙයි.එනම් සියලු දෙනාහට පොදුවේ ලබාගත හැකි සංවර්ධනය වේ.සංවර්ධනය යන වචනය අතු ඉතිලා දළුලා වැඩෙන්නට පටන් ගන්නේ වර්ෂ 1950 ආසන්න කාලයේදීය.එයින් එතෙක් සංවර්ධනයක් නොමැති වූ බව අදහස් නොකරයි .එනම් ඒ වන තෙක් සංවර්ධනය පිළිබඳව අදහසක් නොපැවතුණි. එමෙන්ම සංවර්ධන යනු කුමක්දැයි අර්ථ දක්වා ගැනීමේ හැකියාවක් ඒ වන තෙක් නොතිබුණි.

වර්ෂ 1940 ජනවාරි මස 20 වන දින එවක ඇමරිකාවේ ජනාධිපතිවරයා එරට කොංග්‍රසය අමතා විශේෂ දේශනයක් සිදු කරන ලදී එම දේශනය වනුයේ point for වේ .එම දේශනයේදී ඔහු ප්‍රථම වතාවට ඌන සංවර්ධිත යන යෙදුම භාවිතා කරන ලදී එයින් අදහස් වූයේ සංවර්ධනය නොවූ යන්නයි මෙම වචනය කරලියට පැමිණීමත් සමඟ එතැන් පටන් සංවර්ධනය යන යෙදුම මෙහිදී ආගමනය සිදුවුණේ සංවර්ධනය සංකල්පය සමාජය පුරා විහිදි යනුයේ ද ඉන් පසුවයි.බොහෝ දෙනෙකු රටක ආර්ථික වශයෙන් සිදුවන දියුණුව සංවර්ධනය වශයෙන් සලකති. නමුත් සංවර්ධනය යනු තනි විෂයක් නොවේ විවිධ විෂයයන් සමඟ සම්බන්ධතා පවත්වන්නා වූ විෂයකි එනම් ආර්ථික සමාජීය දේශපාලනික කෘෂිකාර්මික සෞඛ්‍ය කර්මාන්ත කලා සංස්කෘතික පාරිසරික ආදී වූ විවිධ විශේෂයෙන් සමග සංස්කෘතිය බැඳී පවතී ඒ අනුව ආර්ථිකය සංවර්ධනය යන වට්ටෝරුව හි පවතින එක් අංගයක් පමණක් සංවර්ධනය වේ.

ඒ අනුව පොදුවේ ගත් කල

දළ ජාතික නිෂ්පාදනය ඉහළ යාම ඒක පුද්ගල ආදායම වැඩිවීම රැකියා වියුක්තිය අඩු වීම යටිතල පහසුකම්හි දියුණුව පාරිසරික සුරක්ෂිතභාවය මාතෘ මරණ අනුපාතිකය අවම වීම ළදරු මරණ අනුපාතිකය අවම වීම අධ්‍යාපනික අවස්ථා පුළුල්වීම සාක්ෂරතාවය ඉහළ නැංවීම තොරතුරු සන්නිවේදන අවස්ථා පුළුල් කිරීම අධ්‍යාපන අවස්ථා පුළුල්වීමසංවර්ධනයේ මිනුම් වශයෙන් හඳුන්වනු ලබයි

සංවර්ධනය එක් ශාස්ත්‍රයකට පමණක් කොටු කර තැබිය නොහැකිය. එම නිසාම සංවර්ධනය එක් රාමුවක් යටතට කොටු කර දැක්විය නොහැකිය

සංවර්ධන ජලය මෙන් විය යුතුය යන අදහසක් ද ගොඩනැඟී ඇත්තේ එහෙයිනි. ඒ අනුව සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයට අනුව හැඩ ගැසීමේ හැකියාව පැවතිය යුතුය.


සංවර්ධන යන සංකල්පය අර්ථ දැක්වීමේදී 80 දශකයේ දී පරිසර ආරක්ෂාව හා සංරක්ෂණය කෙරෙහි ද 90 දශකයේ දශකයෙදි තිරසාර සංවර්ධනය ද කෙරෙහිද අවධානය යොමු වී තිබේ. තිරසාර සංවර්ධනයේදී ආර්ථික සමාජ හා පරිසර යන අංශ වල අන්තර් සම්බන්ධතාවය සංවර්ධන සංකල්පය ට ඇතුළත් කර තිබුණි.ඒ අනුව සංවර්ධනය යන සංකල්පය කාලානුරූපීව වෙනස්කම් වලට භාජනය වනු ලබන අතර සංවර්ධනය මැනීම් සඳහා කලින් කලට විවිධ මිනුම් ද භාවිතා කරනු ලබයි.

සංවර්ධනය මැනීමේ මිනුම්

සංවර්ධනය සංකල්පයක් වශයෙන් හඳුන්වනු ලැබූවද විවිධ රටවල් සංවර්ධනය මැනීම සඳහා විවිධ මිනුම් භාවිතා කරනු ලබයි.විවිධ ආයතන සංවිධාන හා පුද්ගලයන් විසින් මෙවැනි වූ මිණුම් මිනුම් කිහිපයක් හඳුන්වා දී තිබේ.


සංවර්ධනය මැනීමේ මිනුම්

පැරණි මිනුම්

මූර්ත දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශීර්ශ ප්‍රතිශීර්ෂ දළ ජාතික නිෂ්පාදනය
දළ ජාතික නිෂ්පාදනයේ වර්ධන වේගය

නූතන මිනුම්

භෞතික ජීව තත්ව දර්ශකය PQIT
මානුෂ සංවර්ධන දර්ශකයHDI
මානුෂ දරිද්‍රතා දර්ශකය HPI
මානුෂ ජීවක දර්ශකය HPI

මුල් කාලයේ පැවති මිනුම්වලින් සංවර්ධනයේ යථාර්ථය එළි දැක්වීමක් සිදු නොවූ අතර දියුණු මධ්‍ය සහ අඩු යන සංවර්ධන මට්ටම් කිහිපයක් හඳුනා ගැනීමට එය ඉවහල් විය.එය තවදුරටත් වර්ධනය වී 1990-99 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන යටතේ හඳුන්වා දෙන ලද මානුෂ සංවර්ධන දර්ශකය සංවර්ධනය මැනීම සඳහා යොදා ගන්නා ලදී.මෙහි මූලික අංග තුනක් ඇතුළත් වන අතර මානුෂ සංවර්ධන දර්ශකය ගණනය කිරීමේ දී උපතේදි ආයු අපේක්ෂාව, සාක්ෂරතාවය හා ක්‍රය ශක්තිය හා ගැලපූ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ප්‍රධාන නිර්ණායක ලෙස යොදා ගන්නා ලදී.

මෙය 0-1 (0.000-0.1) දක්වා පරාසයක මෙම දර්ශකය විහිදී යනු යනු ලබන අතර මෙම සංවර්ධන දර්ශකය යටතේ ලෝකයේ රටවල් සංවර්ධන කාණ්ඩ හතරක් යටතේ වර්ගය කරණයට ලක් කරනු ලබයි

ඉතා ඉහළ මානුෂ සංවර්ධන දර්ශකය දර්ශකයක් ඇති රටවල්

පහල මානුෂ සංවර්ධනයක් ඇති රටවල්

මධ්‍යස්ථ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්

පහල මානුෂ මානුෂ සංවර්ධනයක් ඇති රටවල්

ශ්‍රී ලංකාව 2012 වර්ෂයේදී මානුෂ සංවර්ධන දර්ශකය අගය 0.715 බවට පත්කරගෙන ලෝකයේ රටවල් 187 ක් අතුරින් අනෝන්‍ය දෙවන ස්ථානය හිමි කරගෙන ඇත (ලංකා මහ බැංකු වාර්තාව 2012)


ඉහත සාධකයන් පදනම් කරගනිමින් ජලය එහි අඩංගු භාජනයේ හැඩය ගන්නා සේම සංවර්ධනය ද ඒ ඒ ක්ෂේත්‍රයන්ට අනුව වෙනස් වේ ඉහත වූ සියලු කාරණා පදනම් කරගනිමින් කර ගනිමින් සංවර්ධනය යනු බහුමානිය සංකල්පයක් වශයෙන් හඳුනාගත හැකිය

සංවර්ධනය පිලිබඳ නිර්වචන

රටක ආර්ථික වශයෙන් සමාජ සංවර්ධනය ඇති විය යුතුය.එකී සමාජ සංවර්ධනය සිදුවන්නේ පෝෂණය, සෞඛ්‍යය ,ඇඳුම් පැළඳුම් ,විවේකය ,මානුෂ නිදහස වැනි අංශයන්ගේ ධනාත්මක වර්ධනයත් සමඟය.
යුනිස්කෝ සංවිධානය


සංවර්ධනය යනු සමස්ත සංවර්ධන ක්‍රමයේ ඉදිරි ගමන වූ සමාජය තුළ දක්නට ලැබෙන විප්ලවීය වෙනසකි
ගුනිර් මිඩ්‍රාල්

සංවර්ධනය ලෙස දකින්නේ ප්‍රාග්ධන නිෂ්පාදනය කම්කරු පන්තිය අතර බෙදී යන්නක් ලෙසය.
කාල් මාක්ස්

සංවර්ධනය යනු ජන සංඛ්‍යාව,සාමාජීය, සංස්කෘතික හා සදාචාරාත්මක යන සාධක ඇතුලත් වෙනස්වීම් හා මර්දනය පිළිබඳ ක්‍රියාදාමයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය

ආර්ථික සංවර්ධනය පමණක් නොව ඕනෑම රටක් මානව වර්ගයක් ජාතියක් භාෂාවක් ආගමක් සමාජයක් දැනුම් ප්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කරලීමයි.
ආතර් ලුවිස්

සංවර්ධනය යනු දරිද්‍රතාවය,සාක්ෂරතා ඥානය පහත් මට්ටම,විරැකියාව හා සමාජ අසමානතාවය යනාදී පීඩාවලින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව මුදවා ගැනීමයි
ඩඩ්ලි සියර්ස්

සංවර්ධනය යනු මහජන දියුණුව මෙන්ම මහජන සෞඛ්‍ය ආධාර කෘෂිකාර්මික ව්‍යාපෘති යෝජනා ක්‍රම ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් ආදිය සම්බන්ධව සකලවිධ දියුණුව හා ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයක් ජනතාව අතර බෙදා යාමට සැලැස්වීමයි.
ජෝජ් එම් ෆෝස්ටර්

Comments

Post a Comment

Popular posts from this blog

මාධ්‍ය සදාචාරය හා සමාජ පසුබිම

සිංහල සිනමාවේ අක්මුල්