වාරණය

 

වාරණ යන පදයේ මූලික අදහස වනුයේ මහජනතාව හෙවත් ග්‍රාහකයන් වෙත යම්කිසි සන්නිවේදනයක් සිදු වීමට පෙර එම සංදේශයෙහි ඇතුළත් තොරතුරු, පුවත්,කලා නිර්මාණයන් ඇතුළු එහි අඩංගු දෑ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම, කොටසක් ඉවත් කිරීම,තහනම් කිරීම, ඒවා සන්නිවේදනය සිදු කර ඇත්නම් අදාළ සන්නිවේදකයාට දඬුවම් පැමිණවීම ආදී වූ ක්‍රියාවලියකි.

වාරණය යන පදය ඉංග්‍රීසි භාෂාවෙන් "Censorship" වශයෙන් අර්ථ දක්වා ඇත.


වාරණය පිළිබඳ නිර්වචන


ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ දක්වන පරිදි වාරණය යනු වැළැක්වීම පාලනය කිරීම පරිහාර කිරීම ආදියයි.

ඇමරිකාවේ හා කැනඩාවේ ක්‍රියාත්මක වන ( Project Censored) නම් ආයතනය වාරණය යනු කුමක්දැයි පහත පරිදි නිර්වචනය කරනු ලබයි.

"බලය යොදා හෝ නොමැතිව පක්ෂ භාජනය,අත්හැර දැමීම,කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය,තොරතුරු සෙවීම මගින් සැබැවින්ම සමාජය තුළ සිදුවන දේ ජනතාවට දැනගැනීම වැලැක්වීම  වාරණය නම් වේ."

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වාරණය අර්ථ දක්වනු ලබන්නේ පාලනය කරනු ලබන්නේ " පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිත සුව පිණිස වාරණ නීති මාලාවක් වරින්වර පණ ලැබෙයි.ඒ අනුව ඇතැම් ලේඛන පරීක්ෂා කිරීම,තහනම් කිරීම,ඇතැම් ජනමාධ්‍ය පාලනය කිරීම හා ඒවා මඟින් ප්‍රකාශ කරනු ලබන දේ පාලනය කිරීම හෝ තහනම් කිරීම යන කාර්යයන් ක්‍රියාත්මක වේ."


"ලිපි හෝ වාර ප්‍රකාශන නාට්‍ය සිනමා ආදිය පරික්ෂා කිරීම හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය  ලෙස සලකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය නම් වේ."
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය

වාරණ ඉතිහාසය

වාරණ ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේදී ප්‍රථම වරට විධිමත් අයුරින් වාරණය සිදුවී ඇත්තේ රෝමය තුළය.එනම් වාරණ නිලධාරියෙකු හරහා එම යුගයේදී විධිමත් අයුරින් වාරණය සිදුවී ඇත. ඒ වාරණයේ විධිමත් මූලාරම්භය ලෙස හඳුනාගත හැකි වේ.ඒ ක්‍රිස්තු පූර්ව 443 එහිදී කලා මාධ්‍යයන්ගේ සදාචාරාත්මක ප්‍රමිතියෙන් අධීක්ෂණය කිරීමට ඉතාලියේ රෝම නගරයේ දී සමීක්ෂණ කාර්යාලයක් පිහිටු වීමෙනි. මුද්‍රිත ලේඛනයක් පිළිබඳව මුලින්ම වාරණය සිදුකර ඇත්තේ වර්ෂ 1538 දී ය.මෙලෙස අතේ ටවුන් ලද්දේ රාජ්‍ය ද්‍රෝහී ලේඛන, පුද්ගලයන්ට අපහාස වන පරිදි ඉදිරිපත් වී ඇති ලේඛන,විවිධ විරෝධාකල්ප ඇතිවන ආකාරයට තුඩුදෙන ලේඛන වේ.

වාරණය යන පදය වඩාත් ජනප්‍රිය වී ඉස්මතු වී ඉදිරියට පැමිණෙන්නේය ජන මාධ්‍යයක් ලෙස පුවත්පතේ වර්ධනයත් සමඟය.
මෙලෙස පවතින වාරණය සමාජය තුළ පවතින ව්‍යවහාරයන් ට අනුව ප්‍රභේද  ගණනාවකට බෙදා දැක්විය හැකිය.
ස්වයං වාරණය,මුද්‍රිත මාධ්‍ය වාරණය, ආගමික වාරණය,රාජ්‍ය වාරණය, දේශපාලන වාරණය ,හමුදා වාරණය, සිනමා වාරණය ත,රූපවාහිනී වැඩසටහන් වාරණය, ගුවන්විදුලි වාරණය ,ගීත සංගීත වාරණය,වේදිකා නාට්‍ය වාරණය,අන්තර්ජාල වාරණය, තැපැල් හා විදුලි සංදේශ වාරණයබආදී වශයෙනි.

මෙහිදී මූලික වශයෙන් ම වාරණයට ලක් වනු ලබන්නේ චිත්‍රපට,පොත් පත්, ලේඛන, සඟරා,නාට්‍ය,චිත්‍ර,රූපවාහිනී විශේෂාංග, රූපවාහිනිය විශේශාංග පුවත්පත් ගීත කාටුන්,ගුවන් විදුලි වැඩසටහන්,වෙබ් අඩවි,විද්‍යුත් ලිපි ආදී බොහෝ දෑ වේ.මේ සියලුම දෑ විවිධ අවස්ථාවන් යටතේ වාරණයට ලක් වනු ලබයි.එනම් පූර්ව වාරණය,පශ්චාත් වාරණය ,නීතිමය වාරණය,නීතිමය නොවන වාරණය,සෘජු වාරණය හා වක්‍ර වාරණය ආදී වශයෙනි.


විශේෂයෙන්ම මෙහිදී සමාජ,ආර්ථික, දේශපාලනික,සංස්කෘතික හේතු පදනම් කරගනිමින් වාරණය ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගත හැකිය.

ලෝක ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී සිදු වූ සුවිශේෂී වාරණයන් පිළිබඳව පහත පරිදි  විමසා බලමු.

i.ග්‍රීක යුගය ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය

ii.හිට්ලර් බර්ටල් බ්‍රෙරෙෂ්ටිගේ නාට්‍ය තහනම් කිරීම

iii.ඇමරිකාවේ බොස්ටන් 1881 වෝල්ටි වයාට්ගේ leaves of grass නම් වූ පෙරළිකාර කවි පෙල කවිපෙළ තහනම් කිරීම

iv යුරෝපා රටවල් 1920-1930 jack london ගේ The call of the wild කෘතිය තහනම් කිරීම

v.1960 දී එංගලන්තය ලෝරන්ස්ගේ lady
chatterleys lover නවකතාව තහනම් කිරීම

vi.1967 දී යූලිසිස් චිත්‍රපටය සහ james joyce ගේ නවකතාව තහනම් කිරීම

vii.1863 දී ප්‍රංශයේ සැලෝනයේදි eduard mone ගේ olympia චිත්‍රය

ආදීය සුවිශේෂී කොට පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ වාරණය

ලංකාව තුළ මාධ්‍ය වාරණය ගොඩනැගෙන්නේ මෙරට තුළ ආරම්භ වූ අධිරාජ්‍යවාදී පුවත්පත් සමය තුළදීය.එනම් 1915 දී අධිරාජ්‍ය විරෝධී පුවත් පළ කළා යැයි සඳහන් කරමින් "සරසවි සඳරැස"  පුවත්පත තහනමකට ලක් කොට ඇත."සිංහල බෞද්ධයා" පුවත්පත මෙන්ම "සම සමාජ" පුවත්පත ද පසු කාලීනව තහනමකට ලක් වූ බව සඳහන් වේ

පුවත්පතට අමතරව මෙරට ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී සිනමාව ද යම් යම් අවස්ථාවල වාරණයක් වූ ආකාරය හඳුනාගත හැකිය.ඒ අනුව මෙරට තුල තහනම් කරන ලද ප්‍රථම ආනයනික චිත්‍රපටය වනුයේ "The light of asia" නමැති බෞද්ධ චිත්‍රපටයයි.එමෙන්ම පසුකාලීනව "නළඟන" චිත්‍රපටයේ වාරණය මෙරට පළමු චිත්‍රපටය වාරණය ලෙස හඳුනාගත හැකිය.


මුද්‍රිත මාධ්‍ය වාරණය

අධිරාජ්‍ය සමයේදීයි "ලේක්හවුස්", "ටයිම්ස්", "වීරකේසරි" ආදී පුවත්පත් රජයේ ප්‍රවෘත්ති බලධාරීන්ට සහාය දැක් වූ අතර රජයේ ප්‍රවෘත්ති බලධාරීන් විසින් වාරණය කරන ලද ප්‍රවෘත්ති සහ ඡායාරූප වෙනුවට වෙනත් ප්‍රවෘත්ති සහ ඡායාරූප ආදේශ කිරීමට මෙම පුවත්පත් කටයුතු කරන ලදී.

එමෙන්ම මෙරට තුළ නවකතා,කෙටිකතා,කවි ආදී මුද්‍රිතයන්ද තහනමට ලක්වූ ආකාරයක් හඳුනාගත හැකිය.2000 වර්ෂයේ දී "මේරි නම් වූ මරියා නමැති මංජුල වෙඩිවර්ධනගේ කෙටි කතාව මෙලෙස වාරණයට ලක් විය".එමෙන්ම "1968 දී ටෙනිසන් පෙරේරා විසින් රචිත දැති රෝදෙන් උපන් බුදුන්" නම් වූ කෙටිකතාව ද තහනමට ලක්වී ඇත.2017  දී මෙරට යාපනය රේගු දෙපාර්තුමේන්තුව "දෙමළ භූමිය නම් දීපචි චෙල්වම්" රචනා කරන ලද කෘතිය තහනමට ලක්කොට ඇත.

ලෝකය තුළ මුද්‍රිත මාධ්‍ය වාරණය පිළිබඳව සලකා බැලීමේදී "තස්රිමා නස්ලින්ගේ ලජ්ජා,ගුස්ටාෆ් ෆොලේබෙයා විසින් රචිත බොවාරි මැතිණිය,හෙන්රි මිලර්ග් ද ටොපික් ඔෆ් ද කැන්සර්" ආදි වූ මුද්‍රිතයන් අභියෝගයට ලක් ලක්වූ මුද්‍රිතයන් ලෙස පෙන්වා දිය හැකිය.

සිනමා මාධ්‍ය වාරණය

ධර්මසේන පතිරාජයන්ගේ සිනමා නිර්මාණයක් වූ "සොල්දාදු උන්නැහේ" "බඹරු ඇවිත්" ආදි චිත්‍රපට පෙන්වා දිය හැකිය."සුනිල් ආරියරත්නයන්ගේ සතර පෙරනිමිති චිත්‍රපටය$ වාරණයට ලක් වන්නේ භික්ෂුවක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අතර පවතින ප්‍රේම සම්බන්ධතාවයන් චිත්‍රපටය තුළ තුළ අන්තර්ගත වූ බැවිනි.එමෙන්ම "ගාමිණී ෆොන්සේකා ගේ සාගරයක් මැද චිත්‍රපටය" ද එවක මුදල් ඇමතිවරයාගේ පෙත්සමක් අනුව වාරණයකට ලක් වී තිබේ."අශෝක හඳගමයන් ගේ අක්ෂරය" චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් ලෙස වර්ග කොට තිබුණද තිබුණ ද එවකට සංස්කෘතික කටයුතු භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ සරත් අමුණුගම මහතා ඒ සම්පූර්ණ වශයෙන්ම තහනමට ලක් කරන ලදී.1979 දී ශිවන්ත අර්ථසාත් විසින් නිර්මාණය කරන ලද දුටුගැමුණු" නම් වූ කාටුන් චිත්‍රපටය මෙරට ප්‍රථම කාටුන් චිත්‍රපටය වශයෙන් හඳුන්වනු ලබයි. නමුත් එය ප්‍රදර්ශනය කළ හැකි වූයේ එක් දිනක් පමණි.විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස" චිත්‍රපටය සිවිල් හා දේශපාලනික පහර ගැසීම් හේතුකොට ගනිමින් අභියෝගයට ලක්වන ලදී.

රූපවාහිනි මාධ්‍ය වාරණය

රූපවාහිනි මාධ්‍ය වාරණය වශයෙන් ගත් කළ ස්වාධීන රූපවාහිනී සේවය විකාශනය කරන ලද "සත්‍යාගාරය" වැඩසටහන තුළ පෙරටුගාමී පක්ෂයේ කුමාර කුමාර ගුණරත්නම් සහභාගි වූ  වැඩසටහන විකාශනය ඉන් ඉවත් කොට තිබීම පෙන්වා දිය හැකිය.එමෙන්ම 1990දී සෝමරත්න දිසානායකයන් විසින් නිර්මාණය කරන ලද "අවසඳ ටෙලි නාට්‍යය" වාරණයට ලක් වන්නේ විකාශනය වන අතරවාරයේදී ය.2014 වර්ෂයේ දී ස්වාධීන රූපවාහිනියේ විකාශනය කරන ලද "චාමර ජනරාජ් අධ්‍යක්ෂණය කරන ලද A330" විකාශනය කරන අතරවාරයේ දී වාරණයට ලක්විය

සමකාලීන වාරණයන්

මෙරට තුළ සමකාලීන වාරණයන් පිළිබඳව අවධානය යොමුකර බැලීමේදී  "කේ.කේ ශ්‍රීනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව" නම් වූ කෘතිය කෘතිය පෙන්වා දිය හැකිය.එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය මගින් ස්වාධීන ගුවන් ගුවන් විදුලි සේවයේ විකාශනය වීමට තිබූ "මාලක දේශප්‍රියගේ  නිහොන් සැප ලැබේවා සහ තරුවන් සරණයි" යන නාට්‍ය 2 දෙක වාරණයට ලක් වන ලදි.

එසේම වේදිකා නාට්‍යයක් වූ අසංක නානායක්කාරගේ "මං කෙලින් මිනිහෙක්" නම් වූ නාට්‍ය වාරණයට ලක්විය.

පසුගිය කාල වකවානුව තුළ මෙරට තුළ පැතිර ගිය ආගමික හා අන්තවාදී මතවාදයන් හේතුකොටගෙන සමාජ මාධ්‍ය දින කිහිපයක් යනතුරු අවලංගු කිරීම මෑත කාලීනව සිදු වූ වැදගත්ම සිදුවීමක් බව පෙන්වා දිය හැකිය.

Comments

Post a Comment

Popular posts from this blog

මාධ්‍ය සදාචාරය හා සමාජ පසුබිම

සංවර්ධනය

සිංහල සිනමාවේ අක්මුල්