ගම්පෙරළිය නවකතාව
ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශ කතාව තුළ සුප්‍රසිද්ධතම ලේඛකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහයන් නැතිනම් කොග්ගල ප්‍රඥයා විසින් රචනා කරන ලද සුවිශේෂිතම වූ කෘතියක් ලෙස ගම්පෙරළිය හැඳින්විය හැකිය.විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සාහිත්‍යකරණය තුළ හඳුනාගෙන හැකි සම්භාව්‍ය ගණයේ කෘතියක් ලෙස ගම්පෙරළිය විරුදාවලි ලබයි.සාහිත්‍ය වංශකථාවේ ප්‍රබන්ධ කතාවන් අතර සිය නාමය රන් අකුරින් ලියූ කෘතියක් ලෙස ගම් පෙරළිය ඔප් නංවා ඇති බව නම් නොරහසකි.
තුන් ඈදුතු නවකතාවල පළවෙනි කෘතිය වන ගම් පෙරළිය නවකතාව රචනා වන්නේ වර්ෂ1944 දීය.විශේෂයෙන්ම වර්ෂ 1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ගම් පෙරළිය චිත්‍රපටියක් ලෙසද ගොඩනංවනු ලබනවා.
යටත් විජිත සමය තුළ මෙරට පැවති ගමක් වස්තු විෂය කර ගනිමින් ගම්පෙරළිය නවකතාව රචනා වී ඇති අතර එකල පැවති සමාජ,ආර්ථික,සංස්කෘතික ජීවන රටාවන් පිළිබඳව සහ එම ජීවන රටාවන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන ආකාරය පිළිබඳව මෙම නව කතාව විද්‍යමාන කරයි.
විශේෂයෙන්ම උක්ත ලක්ෂණයන්ගෙන් එවක සමාජය,ආර්ථික වශයෙන් විකාශනය වූ ආකාරය පිළිබඳව කෘතිය තුළින් මූලික අවධානයක් යොමු කරනු ලබයි.
මෙම කෘතිය රචනා වන්නේ පෙර සඳහන් කළ පරිදි වර්ෂ 1944 දීය.මෙම යුගය තුළ පැවති රදල ක්‍රමය ධනවාදය දක්වා විකාශනය වූ ආකාරය පිළිබඳව මෙම කෘතිය මගින් පෙන්වා දී තිබේ.
ධනපති පන්තිය නියෝජනය කරමින් පියල් ද රදළ පන්තිය නියෝජනය කරමින් කයිසාරුවත්තේ මුහුන්දරම්,මාතර හාමිනේ,නන්දා,අනුලා වැනි චරිත කතා වස්තුවට ජීවය සපයයි.
පියල් කොළඹ රැකියාවකට ගොස් ව්‍යාපාර ආරම්භ කොට ව්‍යාපාර ක්ෂේත්රයේ හිනි පෙත්තටම ගමන් කරනවාත් සමඟම ගමෙහි රදල යැයි සම්මත පෙළපත ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන ආකාරය නවකතාකරුවා ඉතාමත් අපූරු ආකාරයෙන් නවකතාව තුළ ගෙනහැර දක්වා තිබේ.
සරලවම පැවසුවහොත් රදල පරපුරේ බැස යාමත් නව පරපුරක නැග ඒමත් මෙම කතාව තුළ ඉතා අපූරු ආකාරයෙන් නවකතාකරුවා ගෙනහැර දක්වා තිබෙනවා.
"ගම්පෙරළිය විවිධ මට්ටම්වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ්වුණු උසස් ගද්‍ය කෘතියක තත්ත්වයට පත් කරයි.කලාත්මක ඇසුරින් සංකේත භාවිතය නවකතාවට හඳුන්වාදීමට වික්‍රමසිංහයන් සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය.මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලාත්මක කෘතියක් බවට පත් වූවා පමණක් නොව සිංහල නව කතාවේ එතෙක් පැවති අසංස්කෘතික මට්ටම් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත් වූයේය.ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශෛලිය අතින්ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කළ බව කිව හැකි වන්නේ මේ නිසාය."
මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ගම් පෙරළීය නවකතාව පිළිබඳව දක්වා ඇත්තේ එවැනි වූ සුවිශේෂී අදහසකි.
ඒ අනුව සමස්තයක් වශයෙන් සම්බන්ධතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් චරිතයන්හි ජීවන අරගලයන් ඔවුන්ගේ අභිලාෂයන් විද්‍යමාන කරමින් සම්ප්‍රදායට එරෙහිව නූතනත්වය ඉස්මතු වන ආකාරය මැනවින් ගම් පෙරළිය නවකතාව තුළ ගැබ්වී ඇති බව නම් නොරහසකි.
Comments
Post a Comment