යුගාන්තය
වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳතු නවකතාවේ අවසානය යුගාන්තය නැතිනම් යුගයේ අන්තයයි.එසේත් නැතිනම් ධනපතීත්වය අවසන් වන යුගය යුගාන්තයයි.
වර්ෂ 1947 දී රචනා කරන ලද යුගාන්තය නවකතාව ප්‍රකාශයට පත් වන්නේ වර්ෂ 1949 දීය.පෙර කෘතියේ ද්ව්ත්වය මෙන්ම මෙම කෘතියද වර්ෂ 1983 දී චිත්‍රපටයක් බවට පරිවර්තනය වේ. ඒ ලෙස්ටර ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණය තුළින්.
කෘතියේ ප්‍රධාන චරිතයන් ලෙස සයිමන් කබලාන,නාලිකා කබලා,නමාලන්,චමරි,වෛද්‍ය අරවින්ද විහාරහේන,මදීරා,තිස්ස ආදී වූ චරිතයන් පෙන්වා දිය හැකිය.පෙර සඳහන් කරන ලද මාලන් සහ චමරී වන්නේ සයිමන් කබලාන හා නාලිකා කබලානගේ දරුවන්ය.
මෙහි මාලන් යනු බටහිර අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි තරුණයෙක් වන අතර තමා එංගලන්තය තුළ අධ්‍යාපනය ලබන සමය හා ජීවත් වන සමය තුළින් ලැබූ ආභාෂය නිසා මෙරටට පැමිණීමෙන් අනතුරුව කම්කරු පාර්ශ්වය නියෝජනය කරන ලද තරුණයෙක් බවට පත්විය.
නමුත් සයිමන් කබලාන යනු තම පුත්‍රයාගේ චරිතයට හාත්පසින් වෙනස් වූ චරිතයක් වන්නේය.විශේෂයෙන්ම දැඩි නීති රීති හමුවේ තමන්ගේ යටත් සේවකයින් පාලනයට නතු කරගෙන සිටින පාලකයකු වශයෙන් සයිමන් කබලාන හඳුනා සිටීම නිවැරදිය.
කාලයාගේ ඇවෑමෙන් මෙම පිය පුතුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගනී.එයට හේතුව වන්නේ පියාගේ සහ පුතාගේ ද්විත්ව ගමන් මාර්ගයක යන්නා වූ ක්‍රියාමාර්ගයන් විය.එනම් මිනිසුන් පීඩාවට පත් කරමින් ඔවුන් තලමින් පෙලඹෙන් තම කාර්යයන් ඉටු කර ගැනීම පියාගේ අභිලාෂය වන අතර එලෙස පීඩාවට පත්ව සිටින මිනිසුන් මුදවා ගැනීම පුත්‍රයාගේ අභිලාෂය විය.මෙකී වූ ගමන් මාර්ග දෙකක් ඔස්සේ යන්නා වූ පිය පුතුන් අතර ඇතිවන්නා වූ ගැටුමක් මෙම නවකතාවේ අන්තර්ගතව පවතී.
මෙම ක්‍රියාවලිය අවසානයේ පියා පරාජයට පත් වී පුත්‍රයා ජයගන්නා අතර අවසානයේදී මාලන් හට රාජ්‍ය මන්ත්‍රණ සභාවේද අවස්ථාවක් හිමිවේ.
ඒ අනුව මෙලෙස මන්ත්‍රණ සභාව දක්වා පැමිණි ගමන් මාර්ගය තුළ මාලන්ගේ ජීවන අත්දැකීම් ඒ හා බැඳුණු අභියෝග ගැටුම්,ගැටලු ආදිය සියල්ල මෙම නව කතාව තුළ අන්තර්ගතව පවතින බව හඳුනාගත හැකිය.
සමස්ත කෘති තුන පිළිබඳවම අවධානය යොමු කර බැලීමේදී නන්දාගේ දියණිය නාලිකා කබලාන ලෙසත් නාලිකාගේ දියණිය චමරී ලෙසත් හඳුනාගත හැකිය.ඒ අනුව ගම්‍යමාන වන්නේ පරම්පරා කිහිපයක් ඔස්සේ අදාල කතා ත්‍රිත්වය දිව ගොස් ඇති බවයි.
සරලවම අර්ථ දක්වන්නේ නම් රදල පරම්පරාවේ බිඳ වැටීමත් නව ධනපති පරම්පරාවේ නැගී සිටීමත් අවසානයේ ධනපති පැලැන්තියට එරෙහිව නිර්ධනයන් නැඟී සිටීමත් මෙම කතා ත්‍රිත්වයේ සාරාංශ කොට දැක්විය හැකිය.නැතිනම් මාලන් සයිමන්ට එරෙහිව නැඟී සිටිනවා නැතිනම් නිර්ධනයෙන් ධනපතීන්ට එරෙහිව නැඟී සිටිනවා.
ලංකාදීප පුවත්පත තුළ යුගාන්තය නවකතාව පිළිබඳව මෙවැනි වූ සඳහනක් හඳුනාගත හැකිය.
අප උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටියකින් මෙන් ඔබ එකම වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි.ඔහු මේ කතාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙනය ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියේ මවා පෙන්වීමට යොදාගෙන තිබෙන්නේ සමාජයේ ජීවන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂ චරිතයන්ය.එහෙත් කර්තෘගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තය කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දේ වුවද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කතන්දරයකි.

Comments
Post a Comment